ඇමති චන්ද්‍රසේනගෙන් හිතුමතේ පත්වීමක්

ඇමති චන්ද්‍රසේනගෙන් හිතුමතේ පත්වීමක්

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ පුරප්පාඩු වී ඇති අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුස්සෙකු පත් කිරිමේදී අනුගමණය කළ යුතු සාමාන්‍ය මෙන්ම නීත්‍යානුකූල ක්‍රමවේදය නොතකා පරිසර අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන ගේ අවශ්‍යතාවය මත සජ්ජන සිල්වා මහතාව පත් කර ඇති බව වාර්තා වේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය පුරප්පාඩු වූ විට ඒ සඳහා නැවත පත්කිරීමේදී පුවත්පත් දැන්වීම් පළ කර ලැබෙන ඉල්ලුම්පත් මගින් සුදුස්සෙකු තෝරෝගැනීම සහ ඊට අනුමැතිය ලබාදීම අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සිදු කරන අතර ඇමතිවරයාගේ කාර්යය වනුයේ එම පත්කිරීම සිදුකිරිම පමණි.

එහෙත් එම නීතිමය ආකාරය උල්ලංඝණය කරමින් ඇමතිවරයා තම සිතැඟි පරිදි අධ්‍යක්ෂ ජනරාල් ලෙස සජ්ජන සිල්වා  පත් කර තිබේ.

ඔහු  සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පරීක්ෂණයක්ද සිදු කරන අතර ඔහුව අල්ලස් හෝ දූෂණ චෝදානාද එල්ල වී ඇත. එවැනි දූෂිත තැනැත්තෙකු මෙලෙස පත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සේවක විරෝධය මතුවෙමින් ඇත.

ගංඟා ආශ්‍රිතව වැලි කැපීම ඇතුළු භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ විශය පථයට යටත්වන පරිසර විනාශයක් රැසකටද එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

(Lanka truth )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න