විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වීම තාවකාලිකව නවත්වා දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ සඳහන් කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන්ට රැසක් හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
දැනට නිරෝධන මධ්‍යස්ථාන වලදී ද ඉඩකඩ සීමිත වීම සහ කන්දකාඩු රැඳවියන් හා ඔවුන්ගේ පවුල්වල අයද නිරෝධායන කළ යුතු නිසා විදේශයන්ගෙන් මෙරටට ගෙන මෙසේ තාවකාලිකව අත්හිටවූ බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව එළැඹෙන 14 වැනිදා සිට විදේශයන්හි පිරිස් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
