දෙන්නගේ බල පොරය දින දහයක් රට එකතැන නතර කළා - අනුර කුමාර

දෙන්නගේ බල පොරය දින දහයක් රට එකතැන නතර කළා - අනුර කුමාර

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇතිව තිබූ බල පොරය පළාත් පාලන මැතිවරණයෙන් පසුව දින 10ක් පුරා රට එකතැන නතර කළ බවත් එහෙත් ඒ හමුවේ රටේ කොටස් වෙළඳපොළ පහළ වැටී, රුපියල අවප්‍රමාණවී, රටට එමින් තිබු විදෙස් ආයෝජන වෙනතකට ඇදී ගිය බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අද (19) පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මැතිවරණ ප්‍රතිඵලය තුළ ජනතාව ආණ්ඩුව වෙත බරපතල පණිවිඩයක් එවා ඇති බවත් ඒ 2015 ජනවාරි 08 ජනවරමට පිටුපා ආණ්ඩුව කටයුතු කළ නිසා බවත්ය.

2015 ජනවාරියෙන් පසුව පාලන බලය ලැබූ පාර්ශව ලැබූ බලයෙන් හිස උදුම්මවාගෙන කටයුතු කළ බවත් ඒ තුළ හොරු මිනීමරුවන් සමාජය තුළ නිදහසේ සිටින්නට අවස්ථාව ලබාගත් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එසේම මෙම මැතිවරණ ප්‍රතිඵලය ලැබෙන තෙක් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කළේ ජනවරමට අනුව කටයුතු කිරීම වෙනුවට එකිනෙකාට එරෙහිව හොරගල් ඇහිඳිම පමණක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වුවත් ජනතාව වෙතින් ආණ්ඩුවට ලැබී ඇති ප්‍රතිචාරය පවා ජනාධිපති සහ අගමැතිගේ බල අරගලය තුළට ගොනුවී ඇති බවත් ඒ නිසා නොවන්න ආණ්ඩුවේ සියළු දෝෂාරෝපණ එක් පාර්ශවයක් වෙත පටවා අනෙකා නැතිකරන්න කිසිම හේතුවක් නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ රට ආරජිකත්වයට ඇද දමමින් මේ කටයුතු සිදුවන්නේ මේ ජනාධිපතිවරයාට නැවත ජනාධිපති පුටුව ලැබීමට සහ තවම ඒ පුටුවේ වාඩිවීමට නොහැකිවූ අග්‍රාමාත්‍යවරයාට එම පුටුව ලබාගැනීම වෙනුවෙන් සටනක් බැවින් රටට මහත් හානියක් කරන විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් සියළු දෙනා කැපවිය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න