ආණ්ඩුව ජනවාරි ජනවරමට පිටුපෑවා : පරාජයට හේතුව ඒකාබද්ධය කියයි

ආණ්ඩුව ජනවාරි ජනවරමට පිටුපෑවා : පරාජයට හේතුව ඒකාබද්ධය කියයි

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට එරෙහි ජනමතය ජයග්‍රහණය කළේ ජනවාරි ජනවරම ලබාගැනීම සඳහා ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව කටයුතු නොකළ නිසා බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අද (19) පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනතාව අපේක්ෂා කල දේ ආණ්ඩුවෙන් නොලැබුණු බැවින් ඔවුන් මහින්ද මහතාට ජන්දය ලබාදුන් බවත් අවම වශයෙන් ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගත් අය තමන්ගේ කොට්ඨාශයටවත් නොගිය බවත් මේ මැතිවරණය පරදින්න එයද බලපෑ බවය.

එසේම අද වන විට ආණ්ඩුවේ දේශපාලන අර්බුදය හමුවේ දරුණු ආර්ථික අර්බුදයක් මතුවෙමින් තිබෙන බවත් තම පාර්ශවය ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් වෙනුවෙන් කිසිඳු තනතුරක් නොගෙන සහය පළකර සිටියේද එම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වීමට නියමිත ජනතාවට සහනයක් ලබාදීම වෙනුවෙන් බවද මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න