Image

හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරුට ඇප නියම කිරීම 22 දක්වා කල් යයි

හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරුට ඇප නියම කිරීම 22 දක්වා කල් යයි

හවුස් ඔෆ් ෆැෂන්ස් හි හිමිකරු සහ කළමනාකාර අධ්‍යක්ෂ ජයවර්ධන මුදලිගේ ප්‍රියලාල් බන්දුල රේගු තක්සේරු උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෘද රෝග තත්ත්වයක් වර්ධනය වීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කළ එහි හිමිකරු ඇප මත මුදාහරින ලෙස නීතිඥවරුන් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන විසි දෙක තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන්න අමරසේන අද නියෝග කළේ ය.

රේගු තක්සේරුකරණ ගැටලුවක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අතරතුර ශ්‍රී ලංකා රේගු නිලධාරීන් ජයවර්ධන ඔහු ගේ නිවසේ දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රේගු නිලධාරීන්ගේ භාරයේ සිටියදී හෘද රෝග තත්ත්වයක් ඇති වූ අතර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලීම සිදු කරමින් ජනාධිපති නීතිඥ නලින් ලද්දුහෙටි මෙසේ අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කකළේ ය.

''ස්වාමීනි මේක අනීතික අත්අඩංගුවට ගැනීමක්. මේ නඩුවේ වටිනාකම කීය ද ඒක දාන්න ඕන. සාක්ෂි සම්පින්ඩන වාර්තාවක්වත් ඉදිරිපත් කර නැහැ. චෝදනාව ලක්ෂ දහයකට වැඩි බවට රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ සහතිකයක් තියෙන්න ඕන. ඒකත් නැහැ. මොකක්දෝ ගානක් පෙන්නලා සල්ලිවලින් චෝදනාව ගොනු කරලා තියෙනවා. ලංකාවට භාණ්ඩ ගෙනත් නෑ කියල උඩ කොටසේ තියෙනවා ගෙනල්ලා කියලා බී වාර්තාවේ අග කොටසේ සඳහන් කර තියෙනවා. මේක හතර බීරි කතාවක් මේ සේරම කරන්නේ කාගේ හරි වුවමනාවට. කොළේ වහලා ගහන වැඩක් අත්අඩංගුවට ගත්තා; චෝදනා ඉදිරිපත් කර නැහැ. කාට ද පොරොන්දුවක් වෙලා සිටින තරගකරුවන් ගේ උවමනාවකට මොහු අත්අඩංගුවට ගෙන තියෙනවා. අටවෙනිදා විස්සක පමණ පිරිසක් ගොස් ඔහුගේ ආයතනය පරික්ෂා කරලා; රාත්‍රී වෙනකම් පරික්ෂා කරලා ආපහු ඔහුට එන්න කියනවා දහවෙනිදා. එදා එන්න කියන්නේ රේගු මූලස්ථානයට. නැවතත් 14 වෙනිදා එන්න කියනවා වරායේ තියෙන ස්ථානයකට. එහෙම එන්න කියලා මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටුව අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා කිව්වට රාත්‍රී වෙනකම් මොහු රඳවල තියාගන්නවා. එහි දී තමයි ඔහු අසනීප වෙලා තියෙන්නේ. තව පොඩි වෙලාවක් ගියා නම් ඔහු ගේ ජීවිතය අනතුරේ. රේගුවට මේක තවත් සිදුවීමක් විය හැකියි. නමුත් ඔහු සිංහල ව්‍යාපාරිකයෙක් සමස්ත ව්‍යාපාරික ප්‍රජාවටම යම් කොටසක ගේ අවශ්‍යතාවයට සිංහල ව්‍යාපරයකුට පහරදීමක් මේ සිදු කරන්නේ. රේගු ආඥා පනත යටතේ වරදක් අනාවරණය කරලත් නැහැ. මොහු අත්අඩංගුවට ගත්තකම සියලුම මාධ්‍ය මේක වාර්තා කරා බී වාර්තාවත් මාධ්‍යවල ගියා. මේක සැලසුම් සහගතව කරපු කුමන්ත්‍රණයක්. අපි මුදල් ඇරලා තියෙන්නේ ඒවා බැංකුවලින් ගන්න පුළුවන්.

ඊට පිළිතුරු දෙමින් රේගුව මෙසේ ප්‍රකාශ කළේ ය.

ස්වාමීනී, රේගු විමර්ශනය අනතුරුව තමයි රේගු පර්යේෂණය සිදු කරේ 207 වගන්තිය යටතේ බිරිඳ ගේ ප්‍රකාශ ගත්තා ඔහු 16 වෙනි දින යේ සියලු චෝදනා බිරිඳ දැනුවත් කරන ලෙසත් ඔහු පිළිගන්නා බවටත් ප්‍රකාශ කළා. අපනයනකරුට දෝෂාරෝපණය කරන බවත් ඔහු සඳහන් කළා. ඒ අනුව බිරිඳ රාත්‍රී අටට පමණ මුදා හැරියා. 16 වෙනි දින වරාය සීමාවේ තියෙන කාර්යාලට පැමිණ ලෙස දැනුම් දුන්නා. කිසිම බල කිරීමක් කරේ නැහැ. ඔහුගේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා වන එරංග පුෂ්ප කුමාර සන්තකයේ තිබූ ලේඛන ගොනු අපි පරීක්ෂා කරා. එකම දත්ත ඇතුළත් ඉංග්‍රීසි පත්‍ර දෙකක් තිබුණා. වැඩි අගයක් එකතු කළ එකක් සහ අපට ඉදිරිපත් කර අඩු වගේ ඇති ඉන්වොයිස් පත්‍රය අප සන්තක භාරයට ගත්තා. මේ ගැන සැකයක් මත තමයි අපි පරීක්ෂණ සිදු කරේ. මොකක් හරි කියන්න කිව්වා කියන එක අපි ප්‍රතික්ෂේප කරනවා. සාක්ෂි වසන් කිරීමට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඇති හැකියාව මතයි අත්අඩංගුවට ගත්තේ?

ජනාධිපති නීතිඥවරයා නැවතත් කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළේ ය.

ස්වාමීනී, වරදවල් අනාවරණය වනතුරු අප රිමාන්ඩ් බාරයට පත් වෙන්න ඕන ද? හිට්ලර් ගේ පොලිසියක් තිබුණා. මේකත් ඒ වගේ තත්ත්වයක්. තොරතුරු එළියට දෙන්න බැහැ කියලත් කියනවා ඒ කියන්නේ අධිකරණයට මේක සිංහල ව්‍යාපාරිකයින් කරන ලොකු බලපෑමක්. මගේ සේවා දායකයා ඇප මත මුදා හරින්න,'' යයි ජනාධිපතිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඇප ඉල්ලීමට අදාළ නියෝගය ලබන 22 තෙක් කල් තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න