තම සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම තමාගේ දේශපාලනය නිසා සිදුකෙරෙන පලිගැනීමක් දැයි සැකයක් මතුවන බව සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බද්දුර්දින් පවසයි.
ඊයේ (15) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බද්දුර්දින්, මේ බව අනාවරණය කර සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් පසුගිය 14 වනදා සවස අත්අඩංගුවට ගත් අතර මේවනවිට රැඳවුම් නියෝග යටතේ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගනිමින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තාවේ.
එසේම ඔහු සමග තවත් දෙදෙනකු ද අඅත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගේ නීතිඥයින්ට හෝ පවුලේ කිසිවකුට මේ දක්වා ඔවුන් දෙදෙනා හමුවීමට අවස්ථාවක් ලබාදී නොමැති බවත් වාර්තා වෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වසරකට පසුව මේ අවස්ථාවේදී සිදුකරන අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවට සැකසංකා මතුකරන හිටපු අමාත්‍ය රිෂාඩ් කෙසේවුවද සියලුම ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහි තමා හා තම පක්ෂය ආරක්ෂක අංශ විසින් සිදුකරන විමර්ශනයන්ට උපරිම සහය ලබාදෙන බවද එහිදී කියා සිටියේය.  
එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
මගේ මල්ලී රියාජ් බදුර්දීන්ව ඊයේ එයාගේ පුත්තලමේ නිවසට ගිහිල්ලා සීඅයිඩී එකෙන් පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා කියලා මාධ්‍යයෙන් ප්‍රචාරයක් ගියා. ඒ වගේම අත්අඩංගුවට ගත්තා. ඊයේ හවස ගෙදරට ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන.
අද දක්වාම තාම සහෝදරයාව බලන්න පවුලේ කට්ටියට හෝ එයාගේ නීතිඥ මහත්තයාට වත් අවසර දීලා නැහැ. 
පාස්කු ඉරිදා සිද්ධිය වෙලා අවුරුද්දකටත් පස්සේ ඒ වගේ ගෙදරට ගිහිල්ලා අත්අඩංගුවට ගත්ත එක ගැන මට සැකයක් ඇවිල්ලා තියෙනවා මගේ දේශපාලන මතය නිසා හෝ ඒ වගේ දෙයක් කරාද කියලා. 
රිෂාඩ් බදුර්දීන් මේකට සම්බන්ධයි සම්බන්ධයි කියලා සමහර දේශපාලකයෝ නිතරම කතා කරා. මාධ්‍යවල නිතරම කෑගැහුවා මුලු ලංකාවට මට විරුද්ධව පෝස්ටර් ගැහුවා. මට විරුද්ධව පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒ වගේ මගේ දේශපාලනයට හානි කරන්න පුලුවන් උපරිමයෙන්ම මට ඒ වගේ දේවල් කරා.
අපි කිසිම කෙනෙක් ත්‍රස්තවාදයට සම්බන්ධ නෑ !
මම හෝ මගේ පවුල මේ ත්‍රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැහැ කියලා අපේ හෘද සාක්ෂිය දන්නවා.  
පොලිස් මාධ්‍ය ප්‍රකාශ හරහා දැන්වීමක් කරා. සියලුම මාධ්‍ය හරහා ඒ දැන්වීම කරේ රිෂාඩ් බදුර්දීන්ට විරුද්ධව මේ ත්‍රස්ථවාදය සම්බන්ධව තොරතුරු තියෙනවා නම් ඕනේ කෙනෙක්ට ඇවිල්ලා ඒ දේවල් ලිඛිතව භාර දෙන්න පුලුවන් කියලා මාධ්‍යයෙන් ඒ දැන්වීම කරේ. සිය ගානක් පැමිණිලි කරා. 
ඒ පැමිණිලි ඔක්කොම පරීක්ෂණය කරන්න පොලිස් කමිටු තුනක් ඒ වැඩ බලන පොලිස්පතිතුමා පත් කරා. පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ ඒ ෆයිනල් වාර්තාවේ ඇතුළත්ව තිබෙනවා මම මෙම පාස්කු ඉරිදා ත්‍රස්ථවාදයකටවත් හෝ වෙනත් ත්‍රස්තවාදයකටවත් සම්බන්ධ නැහැ. මේ තියෙන්නේ පොලිස්පතිතුමා එවපු ලියුම පාර්ලිමේන්තු කමිටු වාර්තාවට ඇතුලත්වෙලා තියෙනවා. 
පාස්කු ඉරිදා ත්‍රස්තවාදයට හෝ වෙන කිසිම ත්‍රස්තවාදයටකට හෝ මම හෝ මගේ සහෝරවරු කිසිම සම්බන්ධයක් නැහැ කියලා මම වගකීමෙන් කියන්න කැමතියි. 
ආරක්ෂක අංශය ගෙනියන ඕනෑම පරීක්ෂණයකට අපි උපරිම සහයෝගය ලබා දෙන්න අපි සූදානම්. මගේ සහෝදරයාට සීඅයිඩී එකට එන්න කිවුවා නම් කියන වෙලාවට කටඋත්තරයක් දෙන්න එයා සූදානම්. 
සීඅයිඩීයට හෝ වෙනත් ආරක්ෂක අංශයකට වුණත් මේ ත්‍රස්තවාදය සම්බන්ධ කරන පරීක්ෂණවලට මගේ සහෝදරයා උපරිම සහයෝගය දෙයි. ඒ සම්බන්ධව අපි ඕන පරීක්ෂනයකට සහයෝගය දෙන්න අපි සූදානම්''
වීඩියෝ
නීතිඥ හෙජාස් හිස්බුල්ලාත් අත්අඩංගුවේ !

ඒ අතර රිෂාඩ් බද්දුර්දින් ගේ නීති උපදේශකයකු ලෙස කටයුතු කළ නීතිඥ හෙජාස් හිස්බුල්ලා (Hejaz Hizbullah) ද අත්අඩංගුවට ගෙන් ඇතැයි වාර්තා වේ.
රිෂාඩ් බද්දුර්දින්ට අදාල නඩු කටයුතුවලදී මෙන්ම, ආන්දෝලනාත්මක වෛද්‍ය ෂාෆි නඩු විභාගයේ දී ද නීතිඥ හෙජාස් හිස්බුල්ලා වෛද්‍ය ෂාෆි වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අයෙකි.
එසේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටිය දී පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ඔහු විසින් නිකුත්කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ පෙත්සම් විභාගයේ දී, මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා, ජනමතය ආරක්ෂා කෙරෙන්නේ මැතිවරණ පැවැත්වීමෙන් පමණක් නොව ඡන්දදායකයා ගේ මනාපය ට ගරුකිරීමෙන් ද බව ගෙන හැර දක්වමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවූ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව තහවුරු කරනු පිණිස බොහෝ කරුණු ගෙනහැර දැක්විය.
මැතිවරණ පොරොදුවක් !
පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂවරුන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වුයේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ වහාම මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුදෙනාට හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බවයි.
සිංහල -බෞද්ධ ඡන්ද ඉලක්ක කරගනිමින් සිදුවූ එම ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුමේ ප්‍රධානතම ඉලක්කය බවට පත්ව සිටියේ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ය.
ආණ්ඩුව මේවනවිට මහ මැතිවරණයක් කැඳවා ඇති අතර නැවත වරක් රිෂාඩ් බද්දුර්දින් සාධකය ඉස්මතු කරමින් සිංහල -බෞද්ධ ඡන්ද කඩා ගැනීමේ මෙහෙයුමක් ආරම්භකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.

