අද (15) වන විට මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 237  දක්වා ඉහළ ගොස් ඇත.
මේ පසුබිමේ හොංකොං පදනම් කරගත් Deep Knowledge Ventures විසින් ලංකාව කොවිඩ් 19 වෛරස් වසංගතයේ ඉහළ අවධානමක් ඇති රටක් ලෙස වර්ගීකරණය කර ඇත.
මේ සඳහා රටවල් 150ක තත්ත්වයන් තක්සේරු කර ඇති අතර 
කොවිඩ් 19 අවධානම  ශ්‍රේණිගත කිරීමේ රාමුව ප්‍රධාන කාණ්ඩ 4 කට කාණ්ඩ කර ඇති පරාමිති 24 ට අනුව රටවල්වල මිණුම් සලකුණු කිරීම සිදු කර තිබේ.
එහි ප්‍රධාන කාණ්ඩ 4 වන්නේ ,
- ආසාදන පැතිරීමේ අවදානම
 - රාජ්‍ය කළමනාකරණය
 - සෞඛ්‍ය සේවා කාර්යක්ෂමතාව
 - කලාපීය විශේෂිත අවදානම්
 
යන ඒවාය.
 ඒ අනුව අවදානම් ශ්‍රේණිගත කිරීමේ රාමුවට අනුව රටවල් 150 න් 16 ට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත.

එසේම ශ්‍රී ලංකාව, නේපාලය, ලාඕසය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනය ආසියාවේ වැඩිම අවදානමක් ඇති රටවල් ලෙස වාර්තා කර ඇත.
“ අදාල රාජ්‍යයන්ගේ කළමනාකරණ අකාර්යක්ෂමතාව” ගැන විවේචනය කරන DKV හී නිර්මාතෘ  දිමිත්‍රි කමින්ස්කි පවසා ඇත්තේ  " ඉදිරි සති කිහිපය තුළ මෙම රටවල් “තරමක් නිෂේධාත්මක ගතිකත්වයන්ට” මුහුණ දීමට ඉඩ ඇති" බවය.
 එසේම ඔහු ඉන්දියාවේ තත්ත්වය සම්බන්ධව සුබ වාදීව අදහස් දක්වා ඇත.ඒ  ඉන්දියාවේ දළ වශයෙන් රෝගීන් 10,000 ක් සහ මරණ 300 ක් ජනගහනයට අනුව ඉතා හොඳ සංඛ්‍යාවක් බව පවසමින් ය . එසේ වුවද, එරට ලොක්ඩවුන් කර තිබියදී, එම  තත්ත්වය රටට  තවමත් බලපාන්නේ නැත්තේ ඇයි යන්න පිළිබඳවත් ඔහු විමතිය පළ කරයි . 
'ආරක්ෂිත'  රටවල් !
තව ද ආසියානු පැසිපික් කලාපය පදනම් කර ගෙන කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂිත  රටවල් සම්බන්ධව වර්ගීකරණයක් කර ඇති අතර ඒ තුළ ඉහළින්ම සිටින්නේ දකුණු කොරියාව වන අතර ලංකාව සිටින්නේ පහළොස්වන ස්ථානයේ ය.

මේ අතර, ඉහත නිර්ණායක පදනම් කරගෙන වඩාත් ආරක්ෂිත රටවල් සම්බන්ධව ද ශ්‍රේණිගත කිරීමක් මෙහිදී  සිදු කර ඇති අතර එහි දත්ත පහත දැක් වේ.
 (Source: DKV Global and Nikkei Asian Review)
