රිෂාඩ්වත් CID කැඳවයි !

රිෂාඩ්වත් CID කැඳවයි !

හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්  ප‍්‍රකාශයක් ලබා දීම සදහා අද (16) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

 ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත   පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න පවසයි.

මන්නාරම ප‍්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයට අදාළව  හිටපු අමාත්‍යවරයා වෙතින්   ප‍්‍රකාශයක්  ලබාගැනීමට මෙසේ කැඳවා ඇති බවත් වාර්තා වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 14 වැනිදා ද හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය ප‍්‍රකාශය ලබා දී තිබූ අතර, අද ගෙන ඇත්තේ  එහි වැඩිදුර ප‍්‍රකාශයය.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න