අද 2020 අපේ‍්‍රල් මස 14 වෙනි දිනය වේ. උදේ දෙරණ අරුණ වැඩ සටහන බලා සිටියෙමි. එහි වරෙක සෞඛ්‍ය ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි කතා කළාය. ඇය සිය ප‍්‍රකාශය අතර, කීවේ කොරොනා රෝගියෙකු දෙදෙනෙකු ඉඳහිට සිටිය හැකි බවය. සජීවී ව ඍජුව ලබාගත් ඒ ප‍්‍රකාශය කපා දැමීමට දෙරණට නො හැකිය. ඇය ඇඳ සිටි සිටි ඇඳුම් පැළඳුම් අනුව පවා එවැනි ප‍්‍රකාශයක් සඳහා ඇය සූාදනම් වී නොසිටියා විය හැකිය. කෙසේ වෙතත් ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි ඒ ප‍්‍රකාශය කළේ රටේ සෞඛ්‍ය ඇමතිවරිය හැටියටය.
ලංකාවේ පළමු කොරෝනා රෝගියා හමුවුණේ 2020 ජනවාරි 27 දාය. ඇය සංචාරය පිණිස චීනයේ සිට ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවකි. ඒ කාන්තාව සුව වී පෙබරවාරි 19 වෙනි සිය රට බලා පිටත් විය. ඒ අතර කාලය දින 25කි. එකී රෝගී කාන්තාව සුව වී නික්ම යාම දේශපාලන සාදයක් විය. තත්වය නිවැරදිව තේරුම් ගත් බොහෝ දෙනා කීවේ වහා රට ලොක් ඩවුන් කරන ලෙසය. ඒ අවස්ථාවේ රාජ්‍ය නායකයා සිනාසෙමින් කළ ප‍්‍රකාශය සත්‍ය ලෙසම රාජ්‍ය තාන්ති‍්‍රක හෝ මානුෂික නොවේ. සැබෑ ලෙසම ඒ ප‍්‍රකාශය හරහා දෝංකාර දුන්නේ රාජ්‍ය පාලකයෙකු ලෙස ප‍්‍රශ්න හවුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී කි‍්‍රයා කිරිමට ඔහු තුල පවත්නා ආත්ම ශක්තියයි. එහෙත් එසේ නොවී නම් දේශපාලන පක්‍ෂ භේදයකින් තොරව සලකා බලන විට, ඒ හරහා ඔහුට තම රටේ වසංගත තත්වය පාලනය කර ගනීමට නොහැකි විය. ඒ හරහා ඔහු කළ ප‍්‍රකාශය ඔහුගේ අහංකරකම හෝ උද්ධච්ඡකම ලෙස කිසිවෙකුට උපකල්පනය කළ හැකිය. එහෙත් යථාර්ථය නම්, මෙම බරපතල වසංගත තත්වය රාජ්‍ය පාලකයාට නීතිය කි‍්‍රයාත්මක කිරීමෙන් පමණක් පාලනය කරගත නො හැකි බවය. එය මධ්‍යස්ථ ජනතාව තේරුම් අවිවාදයෙන් තේරුම් ගන්නා කරුණකි. සිදු කළ එක් ජනමත සමීක්‍ෂණයකින් හෙළිවුණේ සියයට 80%ක් ජනතාව ආණ්ඩුව වසංගත තත්වය පාලනය කර ගැනීමට සමත් බව තේරුම් ගෙන සිටි බවය. එය යහපත්ය. යහපත් වුවද අවදානමකදී අප ලැබෙන පණිවිඩ වඩාත් ප‍්‍රවේශමෙන් කියවිය යුතුවේ.
‘‘....එහෙත් තමන් කළ කි‍්‍රයාවත් සම්බන්ධව නීතිය සකි‍්‍රය වන අවස්ථාවක ඒ ගැන ප‍්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. මා විශ්වාස කරන්නේ මා විශ්වාස කරන්නේ රන්ජන් රාමනායක නම් චරිතයගැන කුමන් ආකල්ප පැවතියද ඒ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය. මේ කියන අවස්ථාව වන විට ඇඳීරි නිතිය කඩ කළා කියන පුද්ගලයා යම් පුද්ගලික ඉඩමක් දේපලක් වෙත ළ`ගාවමින් සිටියේය. ඔහු පැමිණියේ රජයේ නිල නිවාස සංකීර්ණයකටය. එහි නිවැසියාට තමන් වෙත පැමිණි කෙනා ගැන යම් වගකීමක් ඇත. එය එක් පැත්තකි. ඒ සමග රන්ජන් රාමනායක කළ බාධා කිරිම සහ විමල් වීිරවංශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලංකා ශාඛාවේ ආරක්‍ෂාව පිණිස පොලිස්පති උපදෙස් මත පොලිස්් කණ්ඩායමක් සමග ඒ ස්ථානයට ගිය නියෝජ්‍ය පොලිස්පති පතිරණට තර්ජනය කර ඔහු එතැනින් පළවා හැරීමට කළ උත්සාහය සිහිපත් කළ යුතුය. භාරත ලක්‍ඹන් ඝාතනය සමග කරලියට ආ මිරිහාන පොලිස් ස්ථානයේ ගිනි අවි බැහැර දෙන නැවත භෘර ගන්නා රෙජිස්ටරය දින තුනක් අස්ථාවන ගතවීම ගැන එකී පොලිස් ස්ථානය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් දැරූ වගකීම සිහිපත් කළ යුතුවේ. මෙහිදී රන්ජන් රාමනායක අත් අඩංගුවෙට ගැනිමේ මෙහෙයුම භාරව සිටියේ දේශබන්ධු තෙන්නකෝන් බව සිහිපත් කළ යුතුව ඇත.
ඇඹිලිපිටියේ ප‍්‍රාදේශීය සභා සභාපති එම්.කේ අමිල පනාමුරේදී රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින්ට ලේ ගලන තෙක් පහර දුන් ටී 56 ගිනි අවිය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළේ නැත. ඒ ගැන අධිකරණය විමසූ විට පැමිණි පොලිස් නිලධාරියා කීවේ ඉහළ නිලධෘරින් එය ඉදිරිපත් නොකරන ලෙස ය. එකී පහර දීමෙන් එක් මසක් ගතවන තෙක් ඒ තක්කඩියා අත් අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වීද? අත් අඩංගුවට ගත්තේ නැත. ඒ ඉහළින් ලැබුණ උපදෙස් අනුවය. රන්ජන් රාමනායක අත් අඩංගුවට ගැනීමට හේතු වුණේ ඒ ඉහළින් ලැබුණ උපදෙස් මිස රටේ නීතිය අනුව නොවේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණලා දේශබන්දු තෙන්නකෝන්ලා මේවාටත් උත්තර දිය යුතුවේ.
මේ දිනවල ආර්ථික මධ්‍යස්ථාන සියල්ල වසා ඇත. පසුගිය සති කිහිපයේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තිබිණ. ඒ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවා පමණක් නොව ප‍්‍රකට දේශපාලනඥයෙකුගේ පුතෙකු එහි විධායක පුටුවේ වාඩිවී මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කරමින් සිටියේය. බඩගින්න පාලනය කර ගත නොහැකි ජනතාව ඇඳීරි නිතිය කඩමින් පාර දිගේ එළවලූ වික්කාහ. ඒ අතර, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට වට්ටි පන් මලූවල දමාගෙන එළවලූ ගෙන එමින් සිටි මහවැලි ගොවින් ඇඳිරි නීතිය කියා පළවා හැරිය පොලිස් නිලධාරින් ගැන ඇසුණ කතා බොහෝය. මෙවැනි අවදානම් අවස්තාවක අප විසින් බොහෝ දේ අවස්ථානුකූලව වෙනස් ලෙස සම්‍ය ආකාරයෙන් යොදාගත යුතුව ඇත. ඒ අතින් අප අසමත්ය. මේ වසංගතය තවමත් පැතිරෙමින් පවතී ය යන අපේක්‍ෂාවෙන් ඉවත් විය යුතු නැත.
රටක් එක්තැන් වී ඇත. අප කි‍්‍රයා කළ යුත්තේ සියල්ල කඩා වැටී ඇත යන තැන පටන්ය. සෞඛ්‍ය කළමනාකරණය රෝග නිවාරකයන්ට භාර දුන්නේද? නැත. ගුවන් තොට පාලනය සිවිල් පාලනයක පැවතියේද? උත්තරය නොදනිමි. එසේ වී නම් විදේශතව සිට පැමිණි හැම පුරවැසියාම ඔහුගේ ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකට සම්බන්ධ කළ හැකිව තිබිණ. ආහාර හි`ගය භාණ්ඩ බෙදා හැරිම කඩා වැටෙන තෙක් පාලකයන් දැන සිටියේ නැත. පාසල් ආරම්භ කරන නිවේදනය නිකුත් කරන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ විසිනි. එපමණක් නොවේ. පක්‍ෂ නායක රැුස්විමක් පැවැත්විමට විපක්‍ෂ නායක අවසර ඉල්ලා සිටිය යුත්තේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ගෙන්ය. එහෙත් අපේ විපක්‍ෂ නායක ඒ අවසරය ඉල්ලන්නේ පොලිස්පති ගෙනි. අප මේ අත් විඳින්නේ පොදු කඩා වැටීමක අහුපෑවත ය.
දිනපතා ලැබෙන සංඛ්‍යා ලේඛන අනුව වසංගත තත්වය අවමව රට යහපත් වමින් පවතී. ඒ සඳහා කැපවන සියල්ලන්ටම ස්තුතියි. එහෙත් ඒ හරහා පුද්ගලික න්‍යාය පත‍්‍රවලට නැඹුරු නොවන ලෙස ඉල්ලා සිටිය යුතුවේ. අලූවා කැට හැඩයට කපා අවසන් වන විට අයිනේ තීරු ඉතිරිවේ. එනිසා අලූවා කපන කන ආකාරයෙන් කොරෝනා මර්ධනය කළමනාකරණය නො කරන ලෙසද මතක් කරමු. හැඬේට කපා මේසයට යැවූ අලූවා කැට පිළිබඳ අවුලක් නැත. අනිල් ජාසිංහලා ලවා කරන ප‍්‍රකාශ ඔවුන්ගේ පුද්ගල ගෞරවයට හානියකි. අර අලූවා කතාවේ කැපී ඉතිරිවූ තීරු මෙන් කොරොනා ආසාදිතයන් ඉතිරිව නිදැල්ලේ සැරිසැරීම වැළැක්විය නොහැකිය.
ටෙස්ටින් සම්බන්ධව පාලකයන් මොකක්දෝ අකමැත්තක් දක්වති. ඒ බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කරන ප‍්‍රකාශ හරහා යමක් ඉස්මතු වේ. රාජපක්‍ෂලා වෙනුවෙන් සුවසැරිය හෙළා දුටු පාදෙණීයලා තිරය වැසෙන තෙක් හොඳය.
සත්‍ය තත්වය නම් ටෙස්ටින් හරහා හෙළිවන සත්‍ය හෙළිදරව්වට ආණ්ඩුව බියෙන් සිටීම විය හැකිය. මේ වනවිට කළ ටෙස්ටින් හරහා වාර්තා වන්නේ අවම අනතුරකි. ඒ තත්වය පවත්වා ගෙන යා නො හැකිය. උදාහරණයන් ලෙස 1000ක් පරීක්‍ෂණයට භාජනය කළ විට රෝගීන් හසු වන්නේ 50ක් නම් එය සාධනීය අවම තත්වයකි. එහෙත් ඒ මත යැපීම යහපත් නොවේ. අර උදාහරණය අනුව, දාහට පනහක් නම් 10000ට 500ක් බව තිත්ත වුවත් සත්‍ය බව තේරුම් ගැනීමට වෑයම් කළ යුතුවේ. අවදානම තේරුම් ගත යුත්තේ එසේය.
මේ සියල්ල පෙළ ගස්වා අතීතය හාරා අවුස්සා කාගේවත් බෙල්්ලේ ඔතනවා නොවේ. මෙවැනි අසීරු සමයක අවදානමෙන් මිදෙන්නට රටක මිනිස්සු භාවනා කරති. විශ්වාසයන්ට ආමන්ත‍්‍රණය කරති. පිරිත් කියති. එවැනි චිත්ත සමාධියකට සම වැදුණ මිනිසුන්ට තිත්ත කුණුහරුප මතක් කරන ලෙස කිසිවෙකු හැසිරිය යුතු නැති බව කිව යුතුවේ.

