අද (15) වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 235 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් තහවුරු කර ඇත.
එසේම මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී සුවවූ ප්‍රමාණය 62ක් බවත් වාර්තා වෙයි.
මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් සම්බන්ධව නියැදි පරීක්ෂණ නිරෝධායන ස්ථාන ආශ්‍රිතව සිදුවෙමින් පවතියි.
සෞඛ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ සමාජයේ විවිධ කොටස් අතරද සිදුකළ යුතු බවය.
එසේම මේ වන විට සමාජ දුරස්ථභාවය ඇතිකර තිබෙන ක්‍රියාවලිය එක්වරම හැකිළීම අහිතකර බවත් සෞඛ්‍ය ක්ශේත්‍රයේ විශේෂඥ සහ නිසි බලධාරීන්ගේ නිර්දේශ මත කටයුතු සිදුවිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

