මේ වන විට කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම හමුවේ මෙරට සංචාරක කර්මාන්තය මුළුමනින්ම ඇණහිට ඇති බවත් ඒ තුළ ලක්ෂ 20 යැපුම් මාර්ගය අහිමිව ඇති බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
හිටපු විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර ඇත්තේ අද (10) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත්කරමිනි.
එහිදී ඔහු දැක්වූ අදහස් පෙළ පහත දැක්වෙයි.
සංචාරක කර්මාන්තය අපේ රටට දැවැන්ත දායාදයක් ලබාදෙන අපේ රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වන අපනයන කර්මාන්තයක්. මේ කර්මාන්තයේ සෘජු රැකියා දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. වක්‍ර රැකියා තවත් දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. මුළුමනින්ම සංචාරක කර්මාන්තය තුළ ලක්ෂ පහක් රැකියා කරනවා. ඒ අයගේ පවුල් සංස්ථාව ගත් කළ සංචාරක කර්මාන්තයෙන් මුළුමනින්ම ලක්ෂ 20 ක් යැපෙනවා.
මේ සංචාරක කර්මාන්තයේ විශේෂයෙන්ම හෝටල් ජාලය දිහා බැලුවම විවිධ සැපයුම් දම්වැල් සැපයුම් ජාල හරහා එළවලු ගොවියන් පැළතුරු ගොවියන් මත්‍ය කාර්මිකයන්, ධීවර කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් ඇතුලු තවත් විශාල සැපයුම් ජාලයකුත් ක්‍රියාත්මක වෙමින් ඒ ඒ ජන කොට්ටාශ වල ජීවිකාව කරගෙන යාමට සංචාරක කර්මාන්තය දැවැන්ත දායකත්වයක් ලබා දෙනවා. 2018 වසර වෙනකොට අපේ රටට සංචාරකයින් 23 ලක්ෂයක් පැමිණියා. මුළුමනින්ම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4 ක ආදායමක් අපිට ලබා ගන්නට පුළුවන්කම ලැබුනා.
පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටීමක් සිදුවෙලා 2019 අපේ රටට පැමිණියේ සංචාරකයින් 19 ලක්ෂයයි. ඒ වගේම රටක් හැටියට ලබපු ආදායම් ප්‍රමාණය US ඩොලර් බිලියන 3.5 ක් අද වන විට කොරෝනා ආසාදනය තුලින් මුළු මහත් සංචාරක කර්මාන්තයම එක තැන නතරවෙලා තියෙනවා.සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ නියැළුනු බොහෝ දෙනා අසහනයෙන් පීඩනයෙන් ජීවත් වෙන කාල වකවානුවක්. මේ කාලවකවානුව තුළ අපි විශ්වාස කරනවා සක්‍රීය රාජ්‍ය මැදිහත් වීමක් ක්‍රියාත්මක වෙලා මේ සංචාරක කර්මාන්තය ගොඩනගන්නට කටයුතු කරන්නට ඕනේ කියලා. විශේෂයෙන්ම ඉදිරි මාස 6 තුළ මේ සංචාරක කර්මාන්තයේ නියැළුනු අයගේ වැටුප් දීමනා ගණනය කරලා තිබෙනවා රුපියල් බිලියන 6 ක් හැටියට. එය ලබා දෙන්නට අපි සැලැස්මක් සකස් කරන්නට ඕනේ. ඒ වගේම පාස්දු ප්‍රහාරයෙන් පසුව ලබා දුන්නු සියලුම සහන තව දුරටත් ඉදිරියට පොළී සහන නය සහන, ඒ වගේම නැවත ගෙවීමේ කාලවකවානු සහන, ඒ සියල්ලක්ම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම අපේ යුතුකම වගකීම වෙලා තියෙනවා.
ඒ වගේම අලුතෙන් ගොඩ නැගෙන්නට මේ සංචාරක කර්මාන්තයට අපි මූල්‍ය පහසුකම් ලබා දෙන්නට ඕනේ. මූල්‍ය ද්‍රවශීලීතාවය වර්ධනය කරන්නට අපි ශක්තියක් ලබා දෙන්නට ඕනේ. ඒ වගේම සහන නය, පොළී සහන. ඒ වගේම ඒ පොළී සහන නය සහන ක්‍රියාත්මක කිරීමේදී වසර 5 ක කාල වකවානුවක් කේන්ද්‍ර කරගෙන අපි ඒ සහන ටික ලබා දෙන්නට කටයුතු කරන්නට ඕනේ. අපේ රටේ වැදගත්ම කර්මාන්තයක් වන සංචාරක කර්මාන්තය කඩා වැටෙන්නට දෙන්නට හොඳ නැහැ. අපි විශේෂිත වූ මූල්‍ය උත්තේජකයක් (Spcial physical stimulas)එකක් අපි ලබා දෙන්නට ඕනේ මේ සංචාරක කර්මාන්තය ගොඩ ගන්න. එයට හේතුව පහුගිය කාලවකවානුව පුරාවටම රටේ ආර්ථික වර්ධනයට සහ දළ දේශීය නිෂ්පාදනයට දැවැන්ත දායකත්වයක් සංචාරක කර්මාන්තයෙන් ලැබුනා. ඒ විතරක් නෙවෙයි අපේ රටට විදේශ විනිමය පියවීමේදී ප්‍රධානතම ප්‍රමුඛතම කාර්යභාරයක් සංචාරක කර්මාන්තය ඉෂ්ඨ සිද්ධ කරා . විශේෂයෙන් මේ කර්මාන්ත සංචාරකයේ නියැලෙන සංචාරක පොඩ්ඩො නමින් හඳුන්වන කොටසක් ඉන්නවා.
මේ තමයි සුළු හා මධ්‍යම පරිමානයේ කර්මාන්ත කරුවන්. ඒ වගේම සංචාරක කර්මාන්තයේ කුඩා පරිමානයේ සේවාවේ නිරත වී සිටින නියමුවන් ගයිඩ්ස්ලා, ඒ වගේම ජීප් කර්මාන්තය, ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූ මග පෙන්වන්නන්. මේ කියන සංචාරක පොඩ්ඩන් වෙනුවෙන් පොලී රහිත නය ලබා දීලා ඒ අයගෙ ජන ජීවිතය ශක්තිමත් කරන්න අපිට පුළුවන් වුනා පාස්කු ප්‍රහාරයෙන් පසුව. අපි යෝජනා කරනවා ඒ සංචාරක පොඩ්ඩො වැඩසටහන තව දුරටත් ක්‍රියාත්මක කරන්න කියලා. මුළුමනින්ම ගත් කළ මේ සංචාරක කර්මාන්තය සුරකින්නට රජයටත් අප සියළු දෙනාටමත් වගකිවයුතු හැම දෙනාටමත් මේ වගකීම භාර ගන්නට සිදුවෙනවා.
මේ වගකීම අපිට පැහැර හරින්නට බැහැ මේ වගකීමෙන් පැනලා යන්නට බැහැ. ඒ නිසා දැනටමත් ලබා දීල තියෙන සහන පිළිබඳව අපි ස්තූති වන්ත වෙනවා. එනමුත් සංචාරක ක්ෂේත්‍රයේ වැඩි දියුණුව උදෙසා කඩා වැටුණු සංචාරක ක්ෂේත්‍රය ගොඩ නගන්න අපි මේ යෝජනා කරන විශේෂිත වූ සහන පැකේජය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරලා නැවත වරක් අපේ සංචාරක කර්මාන්තය ගොඩ නැගීමේ ඒ මූලාරම්භය ඒ අඩිතාලම දමන්නට රජය කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.

