කරාපිටියේ මියගිය අයෙකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිය අනූව සිදුකරලා !

 කරාපිටියේ මියගිය අයෙකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිය අනූව සිදුකරලා !

කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයකුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව ගාල්ල, දඩල්ල සුසාන භූමියේදී අද (10) උදෑසන සිදු කර තිබේ.

එසේ අවසන් කටයුතු සිදුකර ඇත්තේ, කොරෝනා ආසාදිතයෙකු බවට මිට ඉහතදී හඳුනාගත් ගාල්ල, අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයා මියගිය පුද්ගලයාගේ පුත්‍රයකු විම නිසා, පවතින තත්වය යටතේ අනවශ්‍ය අවදානමක් නොගැනීමට සෞඛ්‍ය බලධාරීන් ගත් තීන්දුවක් අනුවය.

72 හැවිරිදි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේය.

කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙලා !

කෙසේවෙතත් මියගිය මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.

මෙම පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු ශෛල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුගේ පුත්‍රයා ඇප උපස්ථාන කටයුතු සිදු කරමින් එම ඒකකයේ රැදී සිට තිබේ.

ඔහු කොරියාවේ සිට මෙරටට  පැමිණ නිරෝධායනයට ලක්වු අයෙකු වන අතර සිදුකළ පරීක්ෂණයකදී මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණි.

ඒ අනුව එම පුද්ගලයා සහ පවුලේ ඥාතීන් නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය.

කෙසේවෙතත් මෙම මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුකළ අතර එම අවස්ථා දෙකේදීම ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණි.

''කිසිඳු ආකාරයේ අවධානමක් ගැනීමට නොහැකි නිසා'' 

පසුගිය දිනවල සැකකටයුතු අන්දමින් මියගිය පුද්ගලයින් කිහිපදෙනෙකු ගේම දේහය පිලිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව සිදුකර තිබුනේ, ඔවුනට කොරෝනා ආසාදනයවී නැතැයි පරීක්ෂණ මගින් තහවුරුවී තිබිය දිය.

මේ සම්බන්ධයෙන් ලීඩර් වෙබ් අඩවිය  කළ  විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ  කොරෝනා ආසනය වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරුව නැතත්, සැකකටයුතු ලෙස ස්වසන ආබාධ වලින් මියයන සියලු රෝගීන්ගේ දේහයන්, කොරෝනා රෝගීන්ගේ දේහයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුව ම ආදාහනය කරනු ලබන බවයි. 

කිසිඳු ආකාරයේ අවධානමක් ගැනීමට නොහැකි නිසා රජය එවැනි තීන්දුවකට එළඹ ඇතැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න