''මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්'' ! - THE LEADER පුවතට එරෙහිව 'පොහොට්ටුවෙන්' CIDයට පැමිණිල්ලක් !

''මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්'' !  - THE LEADER පුවතට එරෙහිව 'පොහොට්ටුවෙන්' CIDයට පැමිණිල්ලක් !
ද  ලීඩර් වෙබ් අඩවියේ පළවූ පුවතක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකෙරුණ පැමිණිල්ලක් ගැන එම වෙබ් අඩවිය වාර්තා කරයි.
අදාළ පුවත කිසිදු සංස්කරණයක් නොමැතිව  පහත දැක්වෙයි.
''මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්'' යන ශීර්ෂයෙන් යුතුව  theleader.lk විසින් පෙරේදා (අප්‍රේල් 03) දා පලකළ පුවතට එරෙහිව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයකු ලෙස මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්ව සිටින නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත විසින් එම පැමිණිල්ල ගොනුකර ඇත.

අනතුරුව කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු ඒ බව සනාත කළේය.           C.Dolawatha 5

"මුස්ලිම් දේහයන් ආදාහනය කිරීමට අගමැතිගෙන් විශේෂ කමිටුවක්" යනුවෙන් පුවතක් පල කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අංශවල ප්‍රධානීන් නියම කළ ආකාරයට මළ සිරුරු ජාතින් අතර භේදයකින් තොරව සියලුම දෙනා ආදාහනය කරන ලෙස පැහැදිලි තීන්දුවක් ගෙන ඇති පසුබිමක මෙසේ පළ කරන අසත්‍ය පුවත් සම්බන්ධව පැමිණිල්ලක් සිදු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පුච්චනව ද ? වලදානව ද ? 

Corona 1st death in Sri Lanka                          

ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත් සංඛ්‍යාව ඉහළ යත් ම අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබේ. 

ඒ මීගමුවේදී මරණයට පත් දෙවෙනි රෝගියාගේ මෘත දේහය ඉස්ලාම් ආගමික චාරිත්‍රවලින් බැහැරව ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමගය.

මේ අනුව පසුගිය අප්‍රේල් 02 දා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ජාවට ලක්විය.

මෙම රැස්වීමට මුස්ලිම් දේශපාලන නායකයන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදුදීන්, ඒ.එච්.එම්. ෆවුසි, මුජුබර් රහුමාන්, ෆයිසර් මුස්තාපා සහ අලි සහීර් මවුලානා ද වැනි මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින් ගණනාවක් සහභාගී වී තිබිණ.

කොරෝනා රෝගයෙන් යමෙකු අනපේක්ෂිත ලෙස මියගිය විට එම රෝගියාගේ පවුලේ ආදරණීයන්ට ඉතිරිව ඇත්තේ එම දේහයට ආගමානුකූලව සුදුසු ගෞරව දැක්වීම පමණක් බැවින්, විද්‍යානුකූල පදනමක් මත එය කළ හැකි ආකාරය සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් එහිදී අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කළේය.

අගමැතිට එරෙහි විරෝධයක්  !

ඉහත පක්ෂ නායක රැස්වීමෙන් පසුදින එනම් අප්‍රේල් 03දා theleader.lk එම පුවත් වාර්තා කළේ, කොරෝනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කළ හැකි ආකාරය පිළිබදව සොයා බලා, විද්‍යාත්මක නිර්දේශ ඉක්මනින් ඉදිරිපත් කිරීමට විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට පසුගිය අප්‍රේල් 02 දා පැවති පක්ෂ නායක රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ එකග වී ඇතිබව සඳහන් කරමිනි.

theleader.lk හි එම පුවත පළවීමත් සමග  'පොහොට්ටු' පක්ෂයේ අන්තවාදී පිරිස් 'අගමැතිගේ ක්‍රියාමාර්ගය' දැඩි ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචන පළකර තිබිණ. ඒ, අගමැතිවරයා සිංහල ජාතිය පාවා දී ඇතැයි චෝදනා කරමිනි.

එම තත්වය යටතේ පක්ෂ නායක හමුවේ අදාල සංවාද කොටස ආණ්ඩුවට පක්ෂපාති පෞද්ගලික නාලිකා ඔස්සේ විශේෂ පුවතක ලෙස විකාශය කිරීමටත්, එම පුවත් පලකළ 'ද ලීඩර්' පුවත් වෙබ් අඩවියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත් අගමැති උපදේශකයින් තීන්දු කළ බව වාර්තාවේ.

'පොහොට්ටු' අපේක්ෂක නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලැබ ඇත්තෙත් ඒ අනුව බව පැවසේ.

සංස්කාරක සටහන :

ආන්දෝලනයට ලක්ව ඇති theleader.lk පුවතට පාදක වුයේ ඉහත සඳහන් පක්ෂ නායක රැස්වීමට සහභාගිවූ හිටපු අමාත්‍යවරයකු මෙන්ම ජනාධිපති නීතිඥවරයකු වන ෆයිසර් මුස්තාපා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ යොමුකර තිබු සටහනක් හා වීඩියෝව කි.

එම පක්ෂනායක රැස්වීම අවසන් වූ වහාම ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අදාල කරුණ සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දු දැනුම් දෙමින් කෙටි සටහනක් (SMS) සිය හිතමිතුරන් වෙත යොමුකර තිබු අතර පසුදා (අප්‍රේල් 03) සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ද theleader.lk හි පුවත් වාර්තාව තහවුරු කළේය.

ඒ, මුස්ලිම් නායකයින්ගේ ඉල්ලීම මත තාක්ෂණික කමිටුවක් ලබාදීමට අගමැතිවරයා එකඟ වූ බව පැහැදිලිව ප්‍රකාශ කරමිනි.

වීඩියෝව


සබැඳි පුවත් :

මුස්ලිම් දේහයන් භූමිදානය සළකා බැලීමට අගමැති කමිටුවක් : වල කොන්ක්‍රීට් කරන්න යෝජනාවක් !

(ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න