''නිවෙස් තුළට වී, නිරෝධායනය වීම අල්ලා දෙවියන් ඉස්ලාම් බැතිමතුන්ගෙන් අපේක්ෂා කරන්නක් '-  එම්. අක්‍රම් නූරාමිත් මවුලවිතුමා (Audio)

''නිවෙස් තුළට වී, නිරෝධායනය වීම අල්ලා දෙවියන් ඉස්ලාම් බැතිමතුන්ගෙන් අපේක්ෂා කරන්නක් '-  එම්. අක්‍රම් නූරාමිත් මවුලවිතුමා (Audio)

කොරෝනා උවදුරට මුහුණ දෙන අවස්ථාවේදී ‍රජයේ නියෝග වලට අනුව නිවෙස් තුළට වී, නිරෝධායනය වීම අල්ලා දෙවියන් ඉස්ලාම් බැතිමතුන්ගෙන් අපේක්ෂා කරන්නක් බව ශ්‍රී ලංකා වකුෆ් මණ්ඩලයේ හා සමස්ත ලංකා ජමීයතුල් උලමා සංවිධානයේ විධායක සාමාජික සහ මාතර නූරනියා අරාබි විද්‍යාලයේ අධ්‍යක්ෂ ෂෙයික්  එම්. අක්‍රම් නූරාමිත් මවුලවිතුමා විසින් කියා සිටියි.

ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත හඬපටයක් නිකුත් කරමින් එම කාරණය පැහැදිලි කර ඇත්තේ මෙසේය.

''ආදරනීය මුස්ලිම් සහෝදර සහෝදරියනි, අසලාම් අලෙයිකුම්,

 වර්තමානයේ අපේ රටේ සහ ගෝලීය වශයෙන් කොවිඩ් 19 වසන්ගත තත්වයෙන් අපි සහ රජය මුහුණ දෙන මේ අභියෝගයට අපි එක්ව එක්සත්ව සහයෝගයෙන් ක්‍රියා කරොත් මේ අභියෝගය අපිට ජය ගන්න පුලුවන්.

නමුත් මුස්ලිම් සමාජයේ අපි ඇතුලේ තියෙන කථිකාව තමයි අල්ලා පිළිබඳ දැඩි විශ්වාසය. ඒ කියන්නේ මේ ලොවේ සිද්ධ වෙන කිසිම දෙයක් ඔහුගේ දැනුමෙන් තොරව සිද්ධ වෙන්නේ නැහැ. ඔහුගේ අන පරිදි තමයි සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ කියන දැඩි විශ්වාසය. අපි කියනවා කබා කදරේ කියලා.

අපිට ලියලා තියෙන දේ කොහොමත් සිද්ධ වෙයි. ඒ නිසා අපි ආරක්ෂාව ගත්තත් නොගත්තොත් අපිට ලියලා තියෙන දේ සිද්ධ වෙයි කියන මතය.

''අපිට ලියලා තියෙන දේ කොහොමත් සිද්ධ වෙයි. ඒ නිසා අපි ආරක්ෂාව ගත්තත් නොගත්තොත් අපිට ලියලා තියෙන දේ සිද්ධ වෙයි කියන මතය.''

ඒත් එක්කම දෙවෙනි කරුණ තමයි අල්ලා දෙවියන් හා නබි තුමන් අපිට මග පෙන්වලා තියෙනවා මේ විශ්වාසය සහ අල්ලා අපිට ලබා දීල තියෙන කරුණු කාරණා.

ඒ වගේම මේ ලොවේ ආරක්ෂාව සහ ඒකට ලබල දෙන සාධකය අපි යොදා ගැනිම අපේ උත්සාහය පිළිබඳව මග පෙන්වීමේ තියෙනවා.

මේ අල්ලා දෙවියන් මත තියෙන විශ්වාසය සහ අල්ලා අපිට ලබා දීල තියෙන කරුණු කාරණා අපි ප්‍රයෝජනයට ගන්නා අතර එහි ගට්ඨනයක් නැහැ. ඒක ඉතා පැහැදිළියි. හරි විදිහට අපි අවබෝධ කරගත්තොත්  අල්ලා සුභානෝ අපිට උගන්වන තවක්කූලිය එක, තවක්කූල් කියලා කියන්නේ අල්ලා සුභානෝ මත තියෙන දැඩි විශ්වාසය. ඔහුගේ දැනුමෙන් පිට ඔහු හැර කිසි දෙයක් සිද්ධවෙන්නේ නැහැ කියන එක.

ඒ එක්කම අල්ලා අපිට නබි තුමා හරහා උගන්වලා තියෙනවා මේ විශ්වාසය මේ විශ්වාසයේ පදනම කොයි ආකාරයට සිද්ධ විය යුතුද කියලා. අපිට අල්ලා ලබා දීල තියෙන හැම සම්පතක්ම යොදාගෙන අපේ ශක්තිය උපරිම යොදාගෙන ඉන් පසු අල්ලා සුභානෝ තලා මත අපි අපේ විශ්වාසය තබා ගැනීම.

''වසන්ගත කාලයක දී කොයි විදිහටද ජීවත් විය යුත්තේ, මෙවැනි අභියෝගයට මුහුණ දිය යුත්තේ කොයි විදියටද කියලා අපිට උගන්වලා තියෙන්නේ. තමන්ගේ නගරයේ තමාගේ නිවසට වෙලා ඉන්න නිසා අපට පිං හම්බවෙනවා. මේකට අල්ලාගේ කරුණාව ලැබෙනවා කියන එක.''

ඒ විදියට තමයි මෙවැනි වසන්ගත තත්වය මත විශ්වාසය වන්ත පුද්ගලයෙක් කොයි විදිහටද ජීවත් විය යුත්තේ මේ අභියෝගයට මුහුණ දිය යුත්තේ අල්ලා සුභානෝ තලා අපිට උගන්වලා තියෙන්නේ. මෙවැනි වසන්ගත අල්ලා සුභානෝ තලා කාලයක් ජීවත් වන සමාජයට යවන දඬුවමක්.

නමුත් විශ්වාසයන්ට මේ වසන්ගතය තුළ කරුණාවක් තියෙනවා. ඒ වගේම මෙවැනි වසන්ගතයට මුහුණ දෙන කට්ටියගෙන් විශ්වාස වන්ත පුද්ගලයෙක් කොයි විදිහට හැසිරිය යුතුයිද. ඔහු තමන්ගේ නගරයේ තමාගේ නිවසට වෙලා ඉන්න නිසා අපට පිං හම්බවෙනවා. මේකට අල්ලාගේ කරුණාව ලැබෙනවා කියන එක.

ඒ එක්කම දැඩි විශ්වාසයක් තියෙනවා අපිට තියෙන කරුණු කාරනා එක්ක නිවෙසට වී ඉන්න අතර අපි අවබෝධ කරගත යුතුයි අල්ලා අපිට ලියලා තියෙන දේ හැර වෙන කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක.  මේ විශ්වාසයෙන් මේ විදිහට ක්‍රියා කරන විශ්වාසවන්ත පුද්ගලයෙකුට අල්ලා සුභානෝ තලාහ් අපට පවසන දේ තමයි අල්ලාගේ මාර්ගයේ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරපු පුද්ගලයෙක්ට අල්ලා ඒ පිං ලබා දෙනවා කියන එක.

ඒ ඔහු මරණයට පත්වුවහොත් හෝ ඔහු සුව  වුවහොත් ගෙදරටම වෙලා හිටියොත් මේ පින් ලබා දෙනවා කියන එක.

ආදරණීය සහෝදරවරුනි,

මේ මග පෙන්වීම අපේ රජයේ මගපෙන්වීමක් පමණක් නොවෙයි මේක උතුම් නභිතුමාගේ මග පෙන්වීමක් සහ අල්ලා සුභානෝ තලා විශ්වාසවන්ත පුද්ගලයන්ගෙන් බලාපොරොත්තු වෙන ක්‍රියාවක්.

ඒ නිසා මේ දවස්වල අපේ අල්ලා සුභානෝ තලාහ්ට, අපේ නභිතුමාට, අපේ බලධාරීන්ට අවනත වී වගකීමෙන් හැසිරෙමු අල්ලා සුභානෝ තලාහ් මේ වසන්තගය මේ ලොවෙන් තුරන් කරන්නට කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒකට ගන්න සෑම පියවරක්ම අපි ගනිමු.''

Covid add 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න