කොවිඩ් ආසාදිත ගැබිනියට දාව උපන් බිළිඳා සුවෙන් !

කොවිඩ් ආසාදිත ගැබිනියට දාව උපන් බිළිඳා සුවෙන් !

කොවිඩ්19 වෛරස හා සාධනය ඌ ගැබිණියකටදාව උපන් දරුවා යහපත් සෞඛ්‍ය තවයෙන් සිටින බව වාර්තා වෙයි.

 බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය පසුගියදා  කළුතර නාගොඩ  රෝහලට ඇතුළත් කර තිබුණේ ප්‍රසව වේදනාව මත ය. පසුව ඇය ට වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන තිබේ.
 
මේ වන විට එම බිලිඳා සහ මව මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙයි.
 
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රැසක් මෙම පුවත වාර්තා කර සිටියේ අදාළ කාන්තාව රෝගය සඟවා රෝහල් ගත වී ඇති බව පවසමින් ය. ඇතැම් මාධ්‍ය අන්ත ජාතිවාදී අයුරින් මේ පුවත වාර්තා කර තිබීමත් කණගාටුදායක ය.
 
නමුත් පසු ව බේරුවල සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් සත්‍ය පැහැදිලි කළ අතර ඇය වෛරසය ආසාදනය වූ බව සඟවා  නැති  බවත් ඇයගේ රෝහ ගත වීම සිදුව ඇත්තේ ප්‍රසව වේදනාව මත බවත් එහි දී අනාවරණය කෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න