ලෙබනනයේ රැකියාවක් සදහා ගොස් සිටින ඒ.එම්.පොඩිමැණිකේ මහත්මිය එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බ්රූට්, රෆික් හරිරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇය මේ වන විට සිහිවිසංඥ තත්ත්වයේ පසුවන බැවින් ඇය පිළිබදව තොරතුරු සොයා ගැනීමට නොහැකි වී තිබේ.
ඇය දාහියා ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඇය පිළිබදව සොයා බැලීම සදහා වැඩිදුර තොරතුරු අවශ්‍ය වී තිබේ.
ඇය පිළිබදව තොරතුරක් දන්නේ නම් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ දුරකථන අංක 0112-864149ට හෝ ලෙබනන් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037/ 76700657ට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
