ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ගස් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිම නිවේදනය කරයි.
දකුණු අප‍්‍රිකාව සමග ඊයේ (22) පැවති 20-20 තරගයෙන් පසු මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ මීළඟට පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.
තම අවසන් එක්දින ක්‍රිකට් තරගාවලිය මීළඟට එංගලන්තයේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය බවද ඔහු කියා සිටියේය.
20-20 ලෝක කුසලාන තරගාවලිය එසන වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අතර එම තරගාවලියෙන් පසු මාලිංග ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට නියමිතය.
මේ වනවිට මාලිංග 35 වන වියේ පසුවේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
