"අදටත් මගේ අම්මා සිතන්නේ මා නීතිඥ වෘත්තියේ ම නිරත විය යුතුව තිබූ බවයි. හිටපු පාසල් විදුහල්පතිනියක වූ ඇය, සාම්ප්‍රදායික වෘත්තීන් ගෞරවනීය ලෙස සැලකූ නමුත් ව්‍යාපාර (businesses) දෙස යම් සැකයකින් බැලූ පරම්පරාවකට අයත් වූවා ය. මා කොපමණ දේ ගොඩනැගුව ද, මා ව්‍යවසායකයකු වීම පිළිබඳව ආඩම්බර වීමට ඇය තවමත් අපහසුතාවක් දක්වන්නී ය. එය ඇයගේ පෞද්ගලික ආකල්පයක් පමණක් නොවේ, එය අපේ රටේ පරම්පරා ගණනාවක් පුරා මුල්බැසගත් ජාතික මානසිකත්වයක පිළිබිඹුවකි.
අපගේ අධ්‍යාපන ක්‍රමය දරුවන්ට උගන්වා ඇත්තේ ගෞරවනීය රැකියාවක් සොයාගැනීමට මිස, ව්‍යවසායන් ගොඩනගා ධනය නිර්මාණය කරමින් අන් අයට රැකියා සහ අවස්ථා බිහිකිරීමට නොවේ. ශ්‍රී ලංකාව ඉදිරියට යෑමට නම්, ව්‍යවසායකත්වය තවදුරටත් දෙවැනි පෙළ වෘත්තියක් ලෙස නොසැලකිය යුතුය. ව්‍යවසායකයා ජාතිය ගොඩනගන්නකු ලෙස පිළිගත යුතු ය."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
