Image

කුමාරතුංග මුනිදාස 139 වන උපත් සමරුව සහ 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය

කුමාරතුංග මුනිදාස 139 වන උපත් සමරුව සහ 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය

අසහාය ප්‍රාඥායකු සහ ජාතික වීරයකු වන කුමාරතුංග මුනිදාසයන් ගේ 139වන උපත් සමරුව සහ අ.පො.ස. (සා. පෙ.) විභාගයෙන් 'සිංහල හා සාහිත්‍යය' විෂයයට මුළු දිවයිනෙන් ම වැඩි ම ලකුණු ලබාගන්නා සිසුවාට/සිසුවියට පිරිනැමෙන 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය 2026 ජුලි 25 පස්වරු 03.15 සිට කොළඹ 7, හොර්ටන් පෙදෙසෙහි, අංක 24, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේ (ලක්ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රයේ) දී,

අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණන් ගේ මුලසුනෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සූරීන් ගේ ප්‍රධානත්වයෙන් සහ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විද්වතාණන් ගේ සහභාගීත්වයෙන් ද සිදු කිරීමට කටයුතු යොදා ඇත.

සම්මානිත මහාචාර්ය සරත් කොටගම සූරීන් 'විදු ලොවට හෙළ රුකුල' යන මැයෙන් මෙහි දී වෙසෙසි දෙසුම පවත්වනු ඇත.

2023 වසරට අදාල අ.පො.ස. (සා.පෙ.) විභාගයෙන් 'සිංහල භාෂාව හා සාහිත්‍යය' විෂයයට  මුළු දිවයිනෙන් ම සම පළමු තැන ලැබ කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්වය මෙ වර දිනාගෙන ඇත්තේ ගාල්ල, සංඝමිත්තා බාලිකා විද්‍යාලයයේ ජයසේකර විතානගේ අමීෂා සකුණි සිසුවිය සහ මාතර, සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයයේ සුහන්සා සුබාති බැද්දේගමගේ සිසුවිය යි.

 

WhatsApp Image 2026 07 21 at 9.17.42 AM ජයසේකර විතානගේ අමීෂා සකුණි

 

WhatsApp Image 2026 07 21 at 9.17.44 AM සුහන්සා සුබාති බැද්දේගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න