Image

සලේ ගේ බිරිඳ සහ නීතිඥ අසිත් සිරිවර්ධන, සලේ පිළිබඳව ශානි අබේසේකර වෙත ලියති!

සලේ ගේ බිරිඳ සහ නීතිඥ අසිත් සිරිවර්ධන, සලේ පිළිබඳව ශානි අබේසේකර වෙත ලියති!

රෝහල්ගත කර සිටින රැඳවි, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දෛනිකව බැහැදැකීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්දුසේන සහ නීතිඥ අසිත් සිරිවර්ධන යන දෙපළ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපි දෙකක් යොමු කර ඇත.

ඔබ හොඳින් දන්නා පරිදි, තම ස්වාමිපුරුෂයා මේ වන විට මාරාන්තික උපවාසයක නිරත වී සිටින බවත්, ඔහුගේ ශාරීරික තත්ත්වය සහ මානසික සුවපැවැත්ම පිළිබඳව පවුලේ සාමාජිකයින් දැඩි කනස්සල්ලෙන් පසුවෙන බවත්, මෙම අතිශය දුෂ්කර කාලසීමාව තුළ, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයින් ඔහු අසල රැඳී සිටීම සහ ඔවුන්ගේ සහයෝගය ඔහුට ලබා දීම අතිශයින්ම වැදගත් වන බව සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්දුසේන  තම ලිපියෙන් ඉල්ලා ඇත.

මේජර් ජෙනරාල් සලේ මේ වන විට මාරාන්තික උපවාසයක නිරත වී සිටින අතර, ඒ හේතුවෙන් ඔහුගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ අවදානමක් මතු වී තිබෙන බවත්, මෙම තත්ත්වය යටතේ, ඔහු රෝහල්ගත කර සිටින කාල සීමාව තුළ තමා ගේ සේවාදායකයා වෙත සාධාරණ සහ නිත්‍ය ප්‍රවේශයක් ලබා දීම අතිශයින් වැදගත් යැයි නිතිඥ අසිත් සිරිවර්ධන සිය ලිපියෙහි සඳහන් කර ඇත.

මතු පළ වන්නේ එම දෙපළ විසින් අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කරන ලද ලිපි දෙක යි.

 

sale f2 re 1 re

sale l i 2 re

 

Salae w 1

Sale w 3

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න