ලාංකීය ජනතාව සිය පරමාධිපත්‍ය බලය උපයෝගී කරගනිමින් වත්මන් පාලකයින් බලයට පත් කළේ සිහිබුද්ධියෙන් යුතුව රාජ්‍ය කටයුතු පරිපාලනය කිරීම සඳහා වුව ද තමන් අතට පත් වූ දේශපාලන අධිකාරී බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් පුරවැසියා මර්දනය කිරීමට රජය දරන උත්සාහය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) පිළිකුළෙන් යුතුව හෙළා දකින බව එම සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) මේ බව සදහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
අද වන විට ශ්‍රී ලංකාව තුළ විවිධ අවස්ථාවන්හි දී අඛණ්ඩව මාධ්‍යට මෙන්ම පුරවැසි අයිතියටද බලපාන පරිදි මර්ධනය දියත් වෙමින් පවතින අයුරු දකින්නට ලැබෙන බවත්, මෙම තත්ත්වය වෘත්තීය මාධ්‍යවේදීන්ට පමණක් නොව, රටේ සාමාන්‍ය පුරවැසියාට ද තීරණාත්මක ලෙස බලපා ඇති අතර, ඔවුන් අද වන විට දරාගත නොහැකි දැවැන්ත පීඩනයකට මුහුණ දී සිටීම බරපතළ සමාජයීය හා දේශපාලන ගැටලුවක් බවට පත් වෙමින් ඇතැයි එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපත රංග බණ්ඩාරනායක සහ ලේකම් මිතුන් ජයවර්ධන යන දෙපළගේ අත්සනින් යුත් සම්පූර්ණ නිවේදනය යි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
