Language Switcher

Ad

Ad 01

V2025

වත්කම් ගැන විමසමින් වජිරට ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා.

එම දුරකථන ඇමතුම්වලින් විමසා තිබුණේ වජිරගේ වත්කම් පිළිබඳවයි.

 

New Project 65

ඉකුත් සතියේ වජිරගේ දුරකථනය හිටිහැටියේ කාර්ය බහුලවී ඇත්තේ ඵ් නිසයි.

ඒ ඔහුගේ වත්කම් ගැන පළ කෙරුණු පුවතක් හේතුවෙන්.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සති අන්තය ගත කළේ ගාල්ලේ ය. ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ රැඳෙමින් දිස්ත්‍රික් කාර්යාලය වෙත පැමිණෙන ජනතාවගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමට සෙනසුරාදා සහ ඉරිදා දින දෙක වෙන් කර තිබුණේ පසුගිය සති අන්ත කිහිපයක ම ඒ වැඩකටයුතු පක්ෂයේ විශේෂ වැඩකටයුතු වෙනුවෙන් වැය කොට තිබු බැවිනි.

කෙසේ නමුත් වජිර කාර්යාලයේ රැඳී සිටින බව ආරංචි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් කිහිපදෙනෙකු ද වජිර මුණගැසීමට පැමිණියේ මේ අතරවාරයේදී ම ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ තමන්ගේ ආසනය තුළ එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ගෙනයන වැඩකටයුතු පිළිබඳ මෙන්ම පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණි.


හිරේ දාලා නම් අපිව නවත්වන්න බෑ


කොහොම නමුත් මේ සාකච්ඡා අතරතුරදී තවත් කාරණාවක් හදිසියේම ඉස්මතු වන්නේ ඉරිදා පුවත්පතක පළවී තිබුණු ප්‍රධාන සිරස්තලයක් හේතුවෙනි.

“හිටපු මැති ඇමතිවරු 20කගේ වත්කම් විමර්ශන අරඹයි” මැයෙන් එක්තරා ඉරිදා පුවත්පතක පළවී තිබිණි. එම පත්තරයේ සිරස්තලයත් කියවමින් කෙනෙක් වජිරට මෙය පෙන්වී ය.
කිසිඳු කලබලයක් නොවූ වජිර, “මම ඕක දැක්කා. කීපදෙනෙක් මට කතා කරලත් කිව්වා. ඕවට කලබල වෙන්න එපා” යනුවෙන් වජිර මඳ සිනහවක්ද පාමින් ඔහුට පිළිතුරු දුන්නේ ය.

“නෑ, සර් මම මේ කිව්වේ ආණ්ඩුව හදන්නේ මොනවාහරි කරලා ඔබතුමන්ලව මර්දනය කරන්න. අනික විපක්ෂයේ දේශපාලනඥයින් අතරින් ඔබතුමා ඉදිරියෙන් ම ඉන්නවනේ. ඒ විතරක්ද පසුගිය සතියේ තිබුණු සංවත්සර සැමරුමෙත් එහි සංවිධායක කටයුතු සියල්ලක් ම පාහේ කළේ ඔබතුමා කියලා පත්තරවල පවා ගිහින් තිබුණා.”

“පත්තරවල විතරක්ද ගිය සතියේ සෙනසුරාදා ෆේස්බුක්වල තිබුණේ අපේ සංවත්සරේ විතරමයි.”


rv
තවත් කෙනෙක් හඬ අවදි කළේය.




“මේවා ඉතින් ආණ්ඩුවට හරියට රිදෙන වැඩ. ඔවුන් හිතුවා රනිල් නායකතුමාව හිරේ දැම්ම ම එතුමා පැත්තකට වෙලා ඉඳියි කියලා. නමුත් එතුමා සංවත්සර කතාවේ දී ම කිව්වනේ හිරේ දාලා නම් අපිව නවත්වන්න බෑ කියලා. ඒවාට රිදිලා වෙන්න ඇති ආණ්ඩුව ආපහු මෙහෙම කතාවක් ඇදලා ගන්න ඇත්තේ”

 

 





මාධ්‍යවේදියාගේ දුරකතන ඇමතුම


මේ කතාව යන අතරවාරයේම වජිරගේ දුරකථනය නාද වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියෙකුගේ දුරකථන ඇමතුමක් සමගින්ය.

“ඇමතිතුමා, අද ගාල්ල ආවේ කියලා ආරංචි වුණා. අද පත්තරවලත් ඔබතුමාගේ ඡයාරූප පළ වෙලා තිබෙනවා. මේ ගැන වොයිස් කට් එකක් ගන්න අපි එන්නද කාර්යාලයට.”

ඔහු වජිරගෙන් විමසීය.

සිනහවක්ද සමගින් “එන්නකෝ, එන්නකෝ...”

විනාඩි 15 ක් යන්නට මත්තෙන් මාධ්‍යවේදීහු වජිරගේ උළුවිටිකේ කාර්යාලායට පැමිණියහ.

තමන්ගේ කැමරා ආම්පන්න සූදනාම් කර ගැනීමෙන් අනතුරුව “සර්.. අපිනම් ලෑස්තියි” මාධ්‍යවේදීන් පැවසීය.

“දැන් මොනා ගැනද කියන්න ඕන?”

වජිර සුපුරුදු ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඇසී ය.

“සර්, අද වත්කම් විමර්ශන අරඹයි කියලා ඔබතුමාගෙත් නම ඇතුළත් ප්‍රවෘත්තියක් පත්තරවල පළ වෙලා තියෙනවා. ඒක ගැන කතා කරමුද?”

“මගේ ගැන ඕන වෙලාවක කතා කරන්න බැරියැ. මුලින්ම රටට, රටේ ජනතාවට තිබෙන ප්‍රශ්න ගැන අපි කතා කරලා ඉමු,” යැයි කියමින් වජිර මේ දිනවල වැඩි අවධානයට ලක්ව තිබෙන කාරණයක් පිළිබඳ සිය හඬ අවදි කරන්නට විය.



ලෝකයේ අලුත් නීතී රීති අපිට අවශ්‍ය නැහැ






“වර්තමාන දේශපාලන යාන්ත්‍රණය ඉතාමත් කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. අපි ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරයක් තිබෙන ජාතියක්. අපි ලෝකයේ පැරණිම ඉතිහාසයක් තිබෙන ජාතියක්. ඒ වගේම ලෝකයේ උතුම්ම දහම වන බුදුදහම අපේ රට තුළ ජන ගත වී තිබෙනවා. මේ බෞද්ධ දර්ශනය ඔස්සේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව බොහොම පරිස්සමින් ඉදිරියට ගෙනා යා යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රධාන තැනක් දී තිබෙන්නේ.

 




 ඉරිදා බෞද්ධ දහම් පාසල් ඒ වගේම වෙනත් ආගම් අදහන අය වෙනුවෙන් පැවැත්වෙන දහම් පාසැල්  හරහා අනාගත පරපුරට මේ ගැන අවබෝධයක් ලබාදෙමින් මේ රට සුරක්ෂිත කරලයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා ලෝකයේ අලුත් නීතී රීති අපිට අවශ්‍ය නැහැ. අපි ලෝකයට නීතී රීති හඳුන්වලා දුන්න බෞද්ධ දර්ශනය හරහා ඉදිරියට යන රටක්. මේ බෞද්ධ දර්ශනය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා හානිවන යම් ක්‍රියාමාර්ග තිබේනම් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික මහජනතාව පරාජය කළ යුතුයි.

 

1601891878 dhaham pasal M


දූෂණ විරෝධී පනත ගෙනාවෙ අපි


මම දැක්කා අද මාධ්‍ය හරහා වත්කම් බැරකම් පිළිබද සොයා බලනවා කියලා ප්‍රවෘත්තියක් පළ වෙනවා. එහි මගේ නමත් සඳහන් වුණා. මම වත්කම් බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා. මගේ පැත්තෙන් ගත්තොත් මම අවුරුදු 30 කට අධික කාලයක් මේ වත්කම් බැරකම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වත්කම් බැරකම් ඊටත් වඩා එහාට ගිහින් සොයා බැලීමේ යාන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරය දරපු සමයේ අපේ ආණ්ඩුව විසින් සම්මත කළ දූෂණ විරෝධි පනත හරහා ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මේ හරහා ඒ ගැන සමාජය දැනුවත් වීම බොහෝම හොඳයි.




 අපේ රට දූෂණයෙන් පිරි රටක් බවට අපේ ඇතැම් දේශපාලන පක්ෂ ලෝකයට ඉදිරිපත් කරාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මොකද කළේ, 2023, අංක 9 දරණ දූෂණ විරෝධී පනත 2023 වසරේ අගෝස්තු මාසයේ 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කළා.




විශේෂයෙන් මේ රටේ මහජනතාව මතක තබා ගත යුතුයි මේ කියන දූෂණ රට තුළ පාලනය කිරීම සඳහා නීති රීති මේ රටේ සම්පාදනය කළේ අවුරුදු දෙක හමාරක් මේ රටේ ජනාධිපතිධුරය දරපු රනිල් වික්‍රමසිංහයි. එතුමා මේක ගෙනාවේ අපේ රට තුළ දූෂණය තිබෙනවා කියන නිසා එය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන ආසියාවේ තිබෙන බලසම්පන්නම නීතීරීති පද්ධතියක් හඳුන්වා දෙන්න. මේ හරහා ඇතිවන ගැටලු තිබෙනවා. මේ හරහා ඇතිවන හොඳ තිබෙනවා. මේ හරහා ඇතැම් විට රාජ්‍ය යාන්ත්‍රණය මුහුණදෙන ගැටලු පවා තිබෙනවා.

Ranil Wickremesinghe

මේ දූෂණ වීරෝධි පනත පමණක් නෙමෙයි, පනත් 90ක් පමණ රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙක හමාරක් තුළ සම්මත කර තිබෙනවා. ඒ පනත් සියලලෙන්ම රටේ මහජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ක්‍රියා කළේ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ කියලා මතක් කරන්න කැමතියි.


කවුරුත් වැරැදි කරනවා


ලෝකයේ මානවයා කරන ප්‍රධාන ම දෙයක් තමයි වැරදි. කොයි කෙනත් ඉපදුණු දා සිට වැරදි කරනවා. එය තමයි ලෝක ස්වභාවය. ඒවා නවත්වන්න බැහැ. කරන්න පුළුවන් එවා පාලනය කිරීම පමණයි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය මුල් කරගෙන බෞද්ධ දර්ශනය ඔස්සේ ඒවා අපේ රට තුළ පාලනය කළා. වෙනත් ආගම්වල උනත් තත්ත්වය එසේමයි. ලෝකයේ දියුණුවත් සමග නීති රීති හඳුන්වාදෙමින් ඒ හරහා මහජනයා පාලනය කිරීම සිදුවෙනවා.




රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ මේ රට එක්සේසත් කරන්න. ඒ එක්සේසත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සැමරුමේ දී සියලුදෙනා එකතු කරගනිමින් අපි පක්ෂ සංවත්සරය සැමරුමේ ඒ නිසයි. දේශපාලන පක්ෂ සහ සංවිධාන 50 කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහ සම්බන්ධ වණා. ඒ සම්බන්ධතාවය අපි දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. එ සම්බන්ධතාවය ශ්‍රී ලාංකික සමස්ත මහජනතාවගේ යහපත සඳහා කෙසේ ක්‍රියා කරන්නේ ද යන්න අපි මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා.''