හදවතේ ගායකගේ සුව දුක් බැලීමට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් යයි

හදවතේ ගායකගේ සුව දුක් බැලීමට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් යයි

ශ්‍රී ලංංකාවේ “හදවතේ ගායකයා“ ලෙසින් ඔටුණු පළන් ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ සුව දුක් විමසීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට පසුගියදා ගොස් ඇත.

රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මේ වන විට සුවය ලබා සිය නිවසට පැමිණ තිබෙන අතර ශ්වසන ආබාධයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේය.

ජනතාව අතර මහත් වූ ආදරයක්, ආකර්ෂණයක් දිනා සිටින “හදවතේ ගායකයා” නම් වූ ඔහු, ආදරය, විරහව, මා පිය සෙනෙහස, සමාජීය කරුණු ආදී නොයෙකුත් සංවේදනයන් පිළිබඳව ගීත ගණනාවක්ම රසික හදවත්වලට සමීප කළ දක්ෂ නිහතමානී ගායන ශිල්පියෙකි.

තම ආදරණීය හඬ මුසු කර ගායනා කළ ළයාන්විත ගීතයන් නිසාම වසර ගණනාවක සිට සම්මාන හා ඇගයුම් රාශියකට හිමිකම් කියූ චාමර වීරසිංහ ජනතා හදවතේ සම්මානය දිනාගත් කලාකරුවෙක්ද ද වෙයි.

මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, සහකාර අධ්‍යක්ෂ කසුන් සෙනෙවිරත්න, පරිපාලන නිලධාරී ඩී.එම්. දහනායක සහ කළමනාකරණ සේවා නිලධාරී දිනිති ඩී. ගරුසිංහ යන පිරිස එක්ව ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න