ICCයෙන් වනිඳුට දඩයක් සහ තරග තහනමක්

ICCයෙන් වනිඳුට දඩයක් සහ තරග තහනමක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම අතර පසුගිය 21වන දින පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට එරෙහිව අයි සී සී ය විසින් දඬුවම් පනවා ඇත.

තරගයේ අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුව විනිසුරු නිපන්දුවක් ලෙස සටහන් නොකිරීම නිසා තරගයෙන් පසු විනිසුරුවරයා සමග වනිඳු වචන හුවමාරුවක් කර ගන්නා අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉන්පසු එම සිද්ධිය පිළිබඳ වනිඳු මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද දැඩි කතාබහක් ඇති විය.

ඒ අනුව, තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් සමග දඬුවම් ලකුණු 3ක් වනිඳුට නියම කර ඇත.

මීට පෙර ද ඔහුට දඬුවම් ලකුණු 2ක් පනවා ඇති අතර, ඒ අනුව පනවා ඇති දඬුවම් ලකුණු සංඛ්‍යාව 4 ඉක්මවා යෑම නිසා තරග දෙකක් තහනම් කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක ඔහුට අහිමි වනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න