පරාජයට හේතු දක්වන්න : ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝගයක් !

පරාජයට හේතු දක්වන්න : ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝගයක් !

ඉන්දීය කණ්ඩායමට ‌එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග කර ඇත.

කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ අදහස්වලට අමතරව කණ්ඩායම් කමනාකරුගේ අදහස්ද වලින්ද මෙම වාර්තාව සමන්විත විය යුතු වන අතර අදාළ වාර්තාව දින 5 ක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද කණ්ඩායම් කළමනාකරු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබේ.

තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කට සීමා වෙමින් ලකුණු 317 ක පරාජයක් ඉන්දියාව හමුවේ ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල දස්කම්වල පසුබිම ‌කුමක්ද යන්න මෙම සමාලෝචන වාර්තාව හරහා අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න