ශ්රී ලංකාව තුළ සුවැති ආහාර සංස්කෘතියක් ගොඩනැඟීමේ සහ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ ජාතික ප්රයත්නයේ තවත් එක් විශේෂ පියවරක් ලෙස "NUTRIFEST 2026" ආහාර සැණකෙළිය සහ අලෙවි ප්රදර්ශනය ඔක්තෝබර් 15 සහ 16 දෙදින කොළඹ විහාරමහාදේවී උද්යානයේදී පැවැත්වේ.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය, අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය පුහුණු අමාත්යාංශය සහ World Vision ආයතනය එක්ව සංවිධානය කරනු ලබන මෙම විශේෂ වැඩසටහන දිනපතා පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සෞඛ්ය සම්පන්න ආහාර සහ විනෝදජනක ක්රීඩා සමග මුළු පවුලම එකතු වන විශේෂ උත්සවයක් ලෙස මෙම සැණකෙලිය හැඳින්විය හැකි අතර, මෙම අවස්ථාවට සහභාගී වී නීරෝගී ආහාර රටා සම්බන්ධයෙන් දැනුවත් වීමටත්, ආහාර පාන උසස් ප්රමිතියක් සහිතව සාධාරණ මිලට ලබාගැනීමටත්, මහජනතාවට අවස්ථාව උදා වේ.
මෙම අනගි අවස්ථාව මග නොහැර ඊට සහභාගිවන මෙන් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය ඉල්ලා සිටි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
