ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2025/26 ජාතික ඵලදායීතා සම්මාන(NPA) උළෙලේදී වතුපිටිවල අපනයන සැකසුම් කලාපය(BOI),රාජ්ය අංශයේ රාජ්ය ව්යවසායකයන් සඳහා වූ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
බස්නාහිර සහ වයඹ පළාත් ආවරණය වන පරිදි පැවති මෙම සම්මාන ප්රධානෝත්සවය ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලීය අග්රා ශ්රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
වතුපිටිවල ආයෝජන කලාපය තුල ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා ක්රියාත්මක වන 5S සංකල්පය, ආයෝජකයන් හා සේවකයන් උදෙසා ස්ථාපිත කර ඇති කාර්යක්ෂම සේවා පහසුකම් මෙන්ම මෑත කාලීනයව අත් කරගත් සමස්ථ මෙහෙයුම් විශිෂ්ටත්වය අගයමින් මෙම සම්මානය හිමිවී තිබේ.
ගම්පහ දිස්ත්රික් ලේකම් ලලින්ද ගමගේ අතින් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ජ්යෙෂ්ඨ නියෝජ්ය අධ්යක්ෂක බුද්ධි ප්රසාද් සිල්වා මහතා වෙත මෙම සම්මාන සහතිකය පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා වතුපිටිවල කලාපයේ සහකාර අධ්යක්ෂිකා දේවිකා සෙනරත් ද එක්ව සිටියාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
