නුවරඑළිය අනගාරික ධර්මපාල වට රවුම අසල ඉන්ධන පිරවුම්හලෙන් අලෙවි කෙරෙන නිල් පැහැති ෂෙල් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා ඊයේ (14) සහ අද (15) දින පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබිණි.
පසුගිය දින කිහිපය පුරා මෙම ඉන්ධන පිරවුම්හලට දෛනිකව සීමිත ගෑස් තොග ප්රමාණයක් පමණක් ලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
ගෑස් ලබාගැනීම සඳහා දිගු වේලාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමෙන් තම දෛනික කටයුතු ද අඩාල වන බව පාරිභෝගිකයෝ පවසති. අවශ්ය අවස්ථාවලදී ප්රමාණවත් ගෑස් තොග ලබාගැනීමට නොහැකිවීම පිළිබඳව ද ඔවුහු මාධ්ය වෙත සිය කනස්සල්ල පළ කළහ.
ගෘහස්ථ ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ගෑස් තොග බෙදාහැරීමටත් අදාළ බලධාරීන් පියවර ගත යුතු බවට මෙවැනි තත්ත්වයන් හමුවේ අවධානය යොමුව තිබේ.
නාලක රත්නායක - නුවරඑළිය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
