උවිඳුලාට ලැබුණු තීන්දුව ගැන මංජුලගේ සටහන !

උවිඳුලාට ලැබුණු තීන්දුව ගැන මංජුලගේ සටහන !

ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකාලීනව ලබා දුන් තීන්දු අතර පසුගියදා ලබාදුන් එක්තරා තීන්දුවක් ඓතිහාසිකයි.

රූපවාහිණි සංස්ථාව කලකට පෙර එනම් වසර 2008 දී විකාශය කල 'ඉරා අඳුරු පට' දේශපාලන සාකච්ජාමය වැඩසටහන අතරමඟ නවතා දැම්මේ ඉතා නිර්ලජ්ජිත ලෙස.

ඉන් අගතියට පත් උවිඳු වගේම ජේකේ. ඩබ්. ජයසේකර දෙදෙනා ගත් අධිකරණ  ක්‍රියාමාර්ගයේ ප්‍රතිපලයයි මේ.  මම ඉන් ආශ්වාදයට පත්වන්නේ මෙකී තීන්දුව අදහස් ප්‍රකාශනයේ නිම් වළලු පුළුල් කරන නිසාම නොවෙයි.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී. බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන් අදාළ සංස්ථා සභාපතිවරයාටත් අගතියට පත්වූ දෙදෙනාට වන්දි ගෙවන ලෙස නියම කිරීම. ගණන ඉතා කුඩා එකක්. කලක් ගතවූ තීන්දුවක්. 

කරුණු එසේ වුවත් මේ වැරදි භාවිතාව ගත් සභාපතිවරයා මහාචාර්ය ආරියරත්න ඇතුගල. ඔහු නිපදවූ මාධ්‍ය සිසුන් ගණන මෙරටේ අපමණයි. කැළණිය සරසවියේ  සිදුකල මාධ්‍ය සාකච්ජා සහ ඇරඹුම් ගණනත් විශාලයි.

එවැනි පෞරුෂයක් තිබියදී පවා දේශපාලකයන් හමුවේ වෘත්තීය ගරුත්වය පසෙකලා අනාගත පරපුරට වැරදි පුර්වාදර්ශ දුන්නවුන් අතර මෙකී මහාචාර්යවරයා ඉදිරියෙන්ම ඉන්නවා.

ඔහු පිලිබඳ සෙසු කරුණු සදාචාරමය බැමි නිසා (එහෙම ඒවා තවදුරටත් තියෙනවනම්)  මම මෙහි සාකච්ජා කරන්නෙ නැහැ.

එහෙත් මාධ්‍ය ඔස්තාර් කෙනෙක් උවිඳුට වන්දි ගෙවීම නම් සිහිණෙනුත් ආලම්භනයට පත්වෙන්න පුළුවන් සංසිද්ධියක්. ඇතුගල මහාචාර්යවරයාගේ ගෝලයන් හැමතැනම ඇති. 

ඒත් ගුරාගේ මෙවැනි නරක පුර්වාදර්ශ අනුගමනය නොකිරීම ඔවුන්ගේ අනාගත චිරස්ථිතිය සඳහා හේතු වේවි.

මංජුල ගජනායක ගේ ෆේස්බුක් ගිනුමෙනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න