Image

පාස්කු නඩුවේ විත්තිවාචක ඉදිරිපත් කෙරේ: ඉදිරිපත් වූ කරුණු මෙන්න!

පාස්කු නඩුවේ විත්තිවාචක ඉදිරිපත් කෙරේ: ඉදිරිපත් වූ කරුණු මෙන්න!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විත්ති වාචක ඉදිරිපත් කිරීම පසුගියදා (17) ආරම්භ කළ අතර, ඊයේ (18) විත්තිකරුවන් 8 දෙනෙකු සිය විත්ති වාචක ඉදිරිපත් කළහ.

එහිදි දෙමල බසින් ඉදිරිපත් කරන විත්තිවාචිකය සම කාලීනව දුලාලිත් තුවාන් සදාම් සිංහල බසට පරිවර්තනය කරයි.

ඒ අනුව අදාළ නඩුවේ දෙවන විත්තිකරු වන මොහොම්මදු සරීපු  අදාම් ලෙබ්බේ හෙවත් ගපුර් මාමා ඊයේ (18)  දින විත්ති කූඩුවේ සිටිමින් පැය දෙකකට ආසන්න කාලයක් සිය විත්තිවාචක ඉදිරිපත් කළේය.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන අයගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ විභාගය පැවැත්වේ.

මෙම නඩුකරයට අදාළ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම් ඉකුත් සතියේ අවසන් කෙරුණු අතර ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචක සහ විත්තියේ සාක්ෂි කැඳවීම ඊයේ (17) දින සිට ආරම්භ කිරීමට අධිකරණය නියම කර තිබුණි.

 

ඒ අනුව මෙම නඩුවේ දෙවන විත්තිකරු වන ගපුර් මාමා විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින්

සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා."

" ස්වාමීනි.... මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, හස්තුන්, ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව  බිඳ හෙලමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට. ඒ වගේම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳ හෙලමින් තමා කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහිව මේ නඩුව තුළින් එල්ල කර තිබෙන සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා." යනුවෙන් සඳහන් කළා.

 

මං සහරාන්ගේ මාමා වුන එකයි මාත් එක්ක තියන කෝපය

වැඩිදුරටත් සිය විත්ති වාචකය ඉදිරිපත් කළ විත්තිකරු"  මාව අත්අඩංගුවට ගත්තා මුලින්ම. පස්සේ මගේ වැඩිමල් පුතා සහ දෙවනි පුතාවත් අත්අඩංගුවට ගත්තා. අපි දන්නේ නැ ඇයි අපිව ගත්තේ කියලාවත්. අපි තුන් දෙනාම  එකම සෙල් එකේ දලා තිබ්බේ. පස්සේ මාව ත්‍රස්ත විමර්ශන අංශයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මාව භාර දුන්නා. ඒ නිලධාරීන් මගේ රුපියල් 9000ක්, බෙල්ට් එක, පර්ස් එක, දුරකථන එහෙමත් ගත්තා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ මාව  පමණ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටියා.  එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින්  ප්‍රකාශ ගණනාවක් සටහන් කරගත්තා.

මුලින්ම ප්‍රකාශ සටහන් කර ගන්නවා. පසුව මුද්‍රණය කළ ප්‍රකාශ අඩංගු ලේඛන වලට අත්සන් කරන්න කියනවා මං ඒවාට අත්සන් කරේ නැ. මගේ අත්දෙක බැන්දා, ඇස් බැන්දා. මට පුළුවන් තරම් පහර දුන්නා. එක එක ඉරියව් වලට මට මාංචු දාලා දවසම එල්ලලා තිබ්බා. මට මාංචු දලා තියෙද්දි නිදා ගන්න බැ. මට ගහනවා එත් නිදා ගන්න කියලා. මං රිවොල්වරයක් තිබුනු තැනක් පෙන්නු බව කියනවා. මං එහෙම තැනක් දන්නේවත් නැ. මං නුවරඑළියේ පංති ගියා කියනවා. මං අදටත් මේ අවුරුදු 67ටම කවදාවත්  නුවරඑළියේ ගිහින් නැ.  Cid එක චෝදනා ගොතලා සකස් කරලා. මගේ ඇඟිලි සලකුණුවත් dnaවත් කොහෙවත් නැ. මාව පුත්තලමට එක්ක ගියා. මගේ ඇස් බැඳලා තිබ්බේ. ගැලෙව්වාම මං දැක්කා මේ නඩුවේ 8වන සැකකරු එතැන මාංචු දලා ඉන්නවා. Cid එකේ අබේසිංහ මහතා ඡායාරූප පෙන්නලා අඳුර ගන්න කියනවා. මට කණ්ණාඩිය නැතුව පේන්නෑ. දන්නෑ කිව්වා හොඳටම ගහනවා. මගේ පිටිපස්ස හොඳටම තුවාල වුනා. දුඹුරු පාට බේතක් දුන්නා ගා ගන්න කියලා. අදටත් තුවාල කැලැල් තියනවා. මං සහරාන්ගේ මාමා වුන එකයි මාත් එක්ක තියන කෝපය. 2021 මගේ බිරිඳ ඇතුළු හැමෝම බන්ධනාගාරගත කරා. අවුරුදු තුනකට පස්සේ නිදහස් කරා. මගේ දුව බැනා, මුනුබුරන් සයින්දමරුදු බොම්බෙට මිය ගියා.  මං ස්වයං ඝාතක ප්‍රහාරයකට උදව් කරා කියලා කියනවා. එහෙනම් මං දුව මිය තැනටම ගිහින් මැරෙනවා. අපේ ආගම අනුව දිවිනසා ගන්න පව් . මං මේ චෝදනා  ප්‍රතික්ෂේප කරනවා. මාව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලනවා. මේ ඔක්කොම cid එක ගොතන ලද චෝදනා."

 

ඉන් පසුව නඩුවේ 07 වන චුදිත මොහොමඩ් මන්සුර් මොහොමඩ් සනස්දීන් විත්තිකුඩුවේ සිට සිය විත්තිවාචිකය ආරම්භ කළා.

ඒ කියන ගෙදර මගේ  ඇඟිලි සලකුණු dna මුකුත් නැ.

ස්වාමිනි මං මෙහොමඩ් සනස්දීන්..  2019 /04/ 27 නිවසේ සිටියදි දුම්මලසුරිය පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා. පස්සේ මාව cid එකට ගේනවා.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී මට පහරදීම් සිදු වුණා. ඒ පිළිබඳව මුලින්ම අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මම ඒ පිළිබඳව කිව්වා. මං බුන්දි මස්කට් රසකැවිලි හදන ව්‍යාපාරයක් කරේ. මගේ ගෙදර මුදල් තිබුනා ලක්ෂ තුනක්. එවාත් අරගෙන තිබුනා. අදටත් මං දන්නැ එවාට මොකද වුනේ කියලා. මං නන්දලාල් කියන නිලධාරීගෙන් ඇහුවාම එයා කිව්වා ඒ සල්ලි මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට භාර දුන් බව. මාව මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. හැබැයි මුදල් ඉදිරිපත් කරනවා මං දැක්කේ නැ. මගේ ගෙදරට රසකැවිලි ගන්න අවා දවසක් කට්ටියක්. ඒ අයට මං සෙලෝටේප් පෙටිටි දුන්නා එවා දලා පැක් කර ගන්න. පානදුර ප්‍රදේශයේ නිවසකින් මගේ ඇඟිලි සලකුණු තියන සෙලෝටේප් එකක් අත්අඩංගුවට අරන් තියනවා. මං පිලිගන්නවා ඒක මගේ වෙන්න ඇති කියල. හැබැයි මං කවදාවත් පානදුරේ ගිහින් නෑ. ඒ කියන ගෙදර මගේ  ඇඟිලි සලකුණු dna මුකුත් නැ. ටෙප් රොලේ විතරයි ඇඟිලි සලකුණු තියෙන්නේ. මං කිසිම වරදක් කරලා නැ. මේ සිද්ධියට මගේ කිසිදු සම්බන්ධයක් නැ. මාව නිදොස් කොට නිදහස් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

ඉන්පසුව 08 වන චුදිත අබ්දුල් මනාෆ් මෙහොමඩ් ෆිදර්වුස්, 10වන චුදිත අබ්දුල් ලතිෆ් මොහොමඩ් සාෆි, 19 වන චුදිත කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත්, 12 වන චුදිත මොහොමඩ් සවාහිර් මොහොමඩ් හසන්, 18 වන චුදිත රාසික් රසා හුසෙන්. 14 වන චුදිත රෂිඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් යන විත්තිකරුවෝ හය දෙනාද සිය විත්තිවාචික ඉදිරිපත් කළහ.

එහිදි 15 වන  චුදිත වන මෙහොමදු හනීෆා සෙයිනුල් ආබ්දින්  අද දින විත්තිචාචිකය ඉදිරිපත් කිරීමට සිටියද ඔහුට ක්ලාන්ත ගතියක් ඇති වී ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය. නමුන් සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා දිනය අවසානයේ එය ඉදිරිපත් කරන ලෙස පැවසුවද තවමත් අසනීප ගතිය අඩුවී නැති බව ප්‍රකාශ කලේය. එහිදී විනිසුරුවරයා අවවාද කලේ අධිකරණ නියෝග වලට අවනතව එය සිදු කරන ලෙසයි. එහිදී චුදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා එම ප්‍රකාශ හෙට දිනයේ ලබා ගැනීමට හැකිදැයි ඉල්ලිමක් කළේය. ඉල්ලිම සලකා බැලු විනිසුරු මඩුල්ල නියෝග කලේ එය හෙට උදැසන ඉදිරිපත් කරන ලෙසයි.

මෙහිදී විත්තිවාචික ඉදිරිපත් කල 14 වන චුදිත, 8 වන චුදිත , 10 වන චුදිත 18 වන චුදිත සහ 12 වන චුදිත ප්‍රකාශ කලේ සිය පාපොච්චාරණ සත්‍යාපනය කර අධිකරණය පිලිගත්තද එකී පාපොච්චාරනය බලහත්කාරයෙන්, වදහිංසා කර ලබා ගත් පපොච්චාරන බවයි. එකී පාපොච්චාරණ සටහන් වලට බලහත්කාරයෙන් අත්සන් ගත් බවත් සිය පවුලේ අය අත්අඩංගුවට ගනී වි යැයි බිය වී එවාට අත්සන් කල බවද සඳහන් කළේය.

අද දින (19) ඉතිරි චුදිතයන් 08 දෙනා විත්තිවාචික ඉදිරිපත් කෙරේ.

නඩුවේ 17 වන චුදිත මිය ගොස් ඇති අතර 06 වන චුදිත නිහඬව සිටිමට තීරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න