මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ, එමිරේට්ස් සහ කටාර් යනාදි ලෝකයේ ඉහළම ගුවන්සේවා සඳහා “විකල්ප ගුවන් තොටුපළක්” ලෙස භාවිතා කරනවා කියලා අද රට පුරා කියාගෙන යනවා. ඇත්තට ම මත්තලට මගීන් රැගෙන එන ගුවන් ගමන් ආරම්භ කිරීම කියන්නේ ඉතාම අමාරු වැඩක්.
හැබැයි පච කියන එක ලේසියි, කරන එක අමාරුයි.
1. අත්දැකීමෙන් කියන සත්‍යයක්
රුසියානු Redwings ගුවන්යානා 507ක් සහ යුක්රේනියානු SkyUp ගුවන්යානා 129ක් මත්තලට රැගෙන ඇවිත් ලැබුණු අත්දැකීමෙන් මට පැහැදිලියි මත්තල නිලධාරීන් සමග වැඩ කිරීම සහ මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය සමග කටයුතු කිරීම ඉතාම අමාරුයි. විශේෂයෙන් දේශපාලන බලපෑම් එක්ක මේක තවත් සංකීර්ණ වෙනවා.
2. මත්තල ගුවන් තොටුපළ අවුරුදු 13ක් ගියත් යටිතල පහසුකම් දියුණු වෙලා නැහැ.
ගොඩනැගිල්ල තියෙනවා, නමුත් ඒකට අදාළ යටිතල පහසුකම් දියුණු කරලා නැහැ. වාණිජ පරිසරයක් හදාගෙන නැහැ. මෙය යි ප්‍රධාන ගැටලුව.

3. එමිරේට්ස් / කටාර් = ඉහළම වාණිජ ගුවන්සේවා
මෙවැනි ගුවන්සේවා: වැඩි මුදල් ගෙවන (Business) මගීන් ගේ තේරීමක්. ඒ මට්ටමේ පහසුකම් නැහැ. Budget ගුවන්සේවා ගැන හිතන්න පුළුවන්.
4. ක්‍රියාත්මක කිරීමේ සීමාවන්
මත්තල එකවර ලොකු ගුවන්යානා දෙකක්වත් පහසුවෙන් කළමනාකරණය කිරීම නොහැකි වීම
සම්පූර්ණ Taxiway පද්ධතියක් නැහැ. එකවර ගුවන්යානා කිහිපයක් handle කරන්න බැහැ. Boarding bridges → 2යි තියෙන්නේ. ගුවන්යානා නවතා තැබීම පමණක් ප්‍රයෝගිකව කරන්න පුළුවන්. නමුත් MRO එකක් නැත්නම් ගුවන්යානා පැමිණීමට අකමැතියි.
5. ඉදිරියට මත්තලට කළ යුතු දේ
ගුවන්යානා නඩත්තු කර්මාන්ත ශාලාවක් (MRO) ආරම්භ කළ යුතු යි. එවිට ගුවන්යානා ගමනාගමනය වැඩි වෙනවා. අවසාන සත්‍යයතමයි ගුවන් තොටුපළක් හැදුවා, නමුත් ලාභදායී ගුවන් මධ්‍යස්ථානයක් කරගන්න බැරි වුණා. මත්තලට ගුවන්සේවා ගේන්න නම්, මුලින්ම ඒකට Market එක හදන්න ඕන. ඒකට දක්ෂ, අවංක නායකත්වයක් අවශ්‍යයි!
උදයංග වීරතුංග


