මොනරා, සෙබඩ සහ මිථ්‍යාව

මොනරා, සෙබඩ සහ මිථ්‍යාව

මිථ්‍යාව යනු මිනිසුන්ගේ වැරදි විශ්වාසයන් මිස අවඥ්ඥා සහගතව ප්‍රතික්ෂේප කල යුත්තක් නොවෙයි. මිථ්‍යාව කියන්නෙ බොරුව නොවේ; මිත්‍යාව කියන්නෙ මිනිස්සු හරියි කියල හිතාගෙන ඉන්න සහ නිවැරදියි කියල කරන වැරදි විශ්වාස.

pea

 

ජාත්‍යන්තර මිථ්‍යාව

යම් පුද්ගලයෙක් තව කෙනෙකුට බොරුවක් කියනකොට, බොරුවක් කරන කොට ඒ බොරුව කරන හෝ කියන කෙනා දන්නව ඒක අනිකා රැවටීමක් බව. නමුත් මිථ්‍යා මතයක් අනිකාට කියන කෙනා ඒක වැරදියි කියල දන්නෙ නෑ. මොකද ඔහුත් ඉන්නෙ ඒ විශ්වාසෙ සහ මතයේ. මෙම මිථ්‍යාව පෘතුවිමය, මහද්වීපික හෝ දේශිය විය හැකියි. මීට සියවස් ගණනාවකට පෙර මුළු ලෝකය ම විශ්වාස කළේ ඉර ඇතුළු අවශේෂ ග්‍රහයන් අපේ ලෝකය වටා කැරකෙනව කියල. නිකලස් කොපර් නිකස් සහ ගැලිලියෝ ගැලිලි තාරකා විද්‍යාව සමග කරළියට එන තුරු ම ඒ කාලෙ හිටපු උගත් බුද්ධිමත් මිනිස්සු හිටියෙත් ඒ මතයේ ම යි. ඒ විශ්වාසයට අපිට අද කියන්න පුළුවන් ඒක ඡාත්‍යන්තර මිථ්‍යාවක් කියල.


මහද්වීපික මිථ්‍යාව
මේ මොණරුන්ගෙ ජායාරූපයක් දාල මම පෙන්නන්න හදන්නෙ සමාජගතවෙලා තිබුන මිථ්‍යවක් ගැන කියන්න. ඒ තමයි මොණරා සෙබඩ දිහා බලාගෙන නර්තනයේ යෙදෙන විට පිටවෙන බීජ සෙබඩ විසින් අහුලන් ගිල දැමීමම තමයි උන්ට පැටවු බිහිවෙන්නෙ කියල සමාජගතවුණ මිථ්‍යාව. ඒක අපි විශ්වාස කළා පමණක් නොවෙයි; අනිත් අයටත් කිව්ව. මේ මිථ්‍යාව ලංකාවට පමණක් සීමා වුණ එකක් නොවෙයි; ඒක මහද්වීපිකයි.

විනිසුරුවරයකු ගේ නිගමනය

ඉන්දියාවෙ රාඡස්ථාන් ප්‍රාන්තයේ රාජස්ථාන් මහාධිකරණ විනිසුරුවරයෙකු වන මහේෂ් චන්ද්‍ර ශර්මා Mahesh Chandra Sharma වරක් මෙහෙම කියනවා රාඡස්ථාන් රඡයට ''මොණරා බ්‍රහ්මචාරී කෙනෙක්. ඔහු සෙබඩ සමග ලිංගිකව හැසිරෙන්නේ නැත. මොනරාගේ කඳුළු පානය කිරීමෙන් සෙබඩ නව උපතකට ජීවය දෙයි. ක්‍රිෂ්ණා දෙවියන් පවා මෙම කුරුල්ලාගේ බ්‍රහ්මචර්යාව දැක මොනර පිහාටුවක් භාවිත කළා. එබැවින් මොණරු මරණ මිනිසුන්ට මරණිය දණ්ඩනය දෙන්න.''

indian1මහේෂ් චන්ද්‍ර ශර්මා
ඒ ඉන්දියාවෙ මහාධිකරණ විනිශ්චයතුමෙක්; අපි ගැන කවර කතාද?


නමුත් අපි ඉන්නෙ 21වන සියවසේ වුනාට තවමත් දන්නෙ නෑ ජීර්ණ පද්ධතියයි ප්‍රජනන පද්ධතියයි කියන්නෙ දෙකක් කියල. විශේෂයෙන්! දැන් අපි දන්නව මොණරා කියන්නෙත් නිදහසේ ස්වාභාවික ක්‍රමයටම ලිංගික සුවය විදින සතෙක් කියලා. මේ වගේ මිථ්‍යාවලට ගොදුරුවෙලා අපි කොපමණ දෙනෙක් ජීවත් වෙනවා ඇද්ද?

ගවේෂණශීලී වෙන්න...

(වට්ස් ඇප් වලින් ලැබුණ ලිපියක්; මුල් හිමිකරුට ගෞරවය)

උපුටා ගත්තේ Pushpika Chandrasekara ගේ face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න