වජිරට එයාගෙ තාත්තා කියපු දේවල් මොනව ද...?

වජිරට එයාගෙ තාත්තා කියපු දේවල් මොනව ද...?

පසුගිය සතියේ දිවයිනට බලපෑ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ජනතාවට විශාල කරදර රාශියකට මුහුණ පාන්නට සිදුවිය. ඇතැම් ප්‍රදේශවල ජනතාව ගංවතුර නිසා අපහසුතාවයට පත්වූහ. තවත් ප්‍රදේශවල ජනතාව සුළඟින් සහ නායයෑම්වලින් පීඩාවට පත්වන්නට වූහ.

පසුගිය සති අන්තයේ එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධනට ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැති උත්සව, විවෘත කිරීම් ආදි වැඩසටහන් ගණනාවකටම සහභාගී වන්නට නියම වී තිබුණ ද අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඒ සියල්ලක්ම අවලංගු කරන්නට විය.

වජිර, රටේ සත්‍ය තත්ත්වය සොයා බලයි

වර්ෂාවේ වැඩි වීම පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දරුණු අතට හැරී තිබුණි. මල් පාර රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ සේවයේ නියතු සේවකයින්ගේ අඩුවීමක් තිබුණේ ද ඇතැම් අයට කාර්යාලයට පැමිණීමටවත් බැරි තරමට විවිධ ආපදාවලට ලක්වී තිබු බැවිනි. කෙසේ වෙතත් වජිර, වර්ෂාව මධ්‍යයේම මල් පාර කාර්යාලයට පැමිණ, එදින පැමිණ සිටි අය සමග කතා බහ කර යම් කරදරයක් විපතක් සිදුවී ඇත්නම් වහාම තමා දැනුවත් කරන ලෙස ප්‍රකාශ කර සිටියේ ය.


vajira 250430
මෙසේ අයහපත් කාලගුණික තත්ත්වය රටේ පවතින අවස්ථාවේ වජිර ද තම සම්බන්ධකම් උදව් උපකාර කරගනිමින් රටේ සත්‍ය තත්ත්වය සොයා බලන්නට විය. වජිරට දැන හැඳුනුකම් බොහෝමයක් රට පුරා ඇත්තේ වජිර කාත් සමගත් ඉතා කුලුපගුව ගණුදෙනු කරන නිසාම විය හැකි ය. ඒ නිසා වජිර දිස්ත්‍රික්ක 25 ම තමාට හිතවත් රාජ්‍ය නිලධාරීන් සමග කතා බහ කර රටේ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වී තිබිණි. එසේම ඇතැම් නිලධාරීන් වජිර සමග ඔවුන්ගේ ප්‍රදේශයේ ජනතාවට ඇති ගැටලු පිළිබඳ පවසන විට ඒවා නිරාකරණය කරගැනීමට මැදිහත් වුණේ ද හිටපු රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා වශයෙන් මෙවැනි ආපදා තත්ත්ව බොහෝමයකට මුහුණ දී ඒවා කළමණාකරනය කළ පළපුරුද්ද නිසාවෙනි. වර්ෂාව වැටුණත් වජිර නිවසට වී නිකන් සිටියේ නැත. ඔහු තම අත්දැකීම් භාවිතා කොට වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයට මුහුණදෙන ආකාරය පිළිබඳ සිතන්නට විය.


අනුන්ට පිහිටවීමේ ගුණය

මෙසේ සිටින විට වජිරට ඇතැම් ප්‍රදේශවල සිය හිතවතුන් කතා කළේ ඔවුන්ට ඇති ගැටලු අඩුපාඩු කියන්නට ය. වජිර කරමින් සිටි වැඩ ද පසෙකලා ඔවුන්ගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු දුන්නේ මේ අවස්ථාවේ අසරණ වූ ජනයාට කුමක් හෝ පිළිසරණයක් වීමේ අරමුණෙනි. ඇතැම් අයට වජිර මුදලින් ද ආධාර කළේ වජිරගේ අනුන්ට පිහිටවීමේ ගුණය මොනවට පිළිබිඹු කරමිනි.

වජිර කොහොමත් පිනට, දහමට ළැදි පුද්ගලයෙකි. වජිරගේ පවුල් පසුබිම ද එසේම ය. ඇතැම් අවස්ථාවල වජිරගේ මේ දන් දීම දැක වජිරගේ හිතවතුන් මේ පිළිබඳ ප්‍රශ්න කරන විට වජිර මෙසේ පිළිතුරු දු ය.

“මගේ තාත්තා මට කියලා තියෙන්නේ පුළුවන් තරම් අනිත් අයට උදව් කරන්න කියලා. ඒක මුදලින් වෙන්න පුළුවන් වෙනත් විදියකින් වෙන්න පුළුවන්. ඒ කොහොම හරි මම මගේ තාත්තා කියපු දේ ඒ විදිහටම කරනවා”


ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා එජාපයෙන් යෝජනා 16ක්

වජිර මෙසේ නිවසට වී සිටින විට නායක රනිල් ද වජිරට කිහිප වතාවක් ම දුරකතනයෙන් කතා කර රටේ තත්ත්වය විමසා සිටියේ වජිරට වඩා මේ දේ දැන ගැනීමට වෙන කෙනෙක් නැති බව නායක රනිල්ද දන්නා නිසා ය. රටේ හැම කොනකටම කතා බහ කර වජිර රටේ තත්ත්වය පිළිබඳ හොඳින් දැනුවත් වී සිටි නිසා ම ඒ පිළිබඳව නායක රනිල්ව ද වජිර දැනුවත් කර තිබුණි. ඉන් අනතුරුව මෙම තත්ත්වය කළමනාකරණය කරන්නට වජිර විසින් සකස් කරන්නට යෙදු යෝජනා පිළිබඳව ද නායක රනිල්ව දැනුවත් කරන්නට විය. එම යෝජනාවලට තවත් යෝජනා කිහිපයක් නායක රනිල් එක් කළ අතර වහාම මාධ්‍ය හමුවක් සූදානම් කර මේ ගැන කරුණු දක්වන්න යැයි නායක රනිල් වජිරට ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව පසුගිය ඉරිදා උදෑසන කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාර්යාලයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. විශේෂයෙන්ම මෙම මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂය විසින් මෙම ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා ඉක්මනින් ගත යුතු ක්‍රියාමාර්ග 16 ක් ඉදිරිපත් කෙරිණි.




1.ග්‍රාම නිලධාරී වසම් 8000 ක පමණ සිදුවී ඇති මේ විනාශය වෙනුවෙන් ලබාදෙන සහන පිළිබඳ නිවේදනය කිරීම.

2.විනාශ වී ඇති සියලු කර්මාන්ත සඳහා සහන ලබා දෙන මාර්ග තීරණය කර ප්‍රකාශ කිරීම.

3.විවිධ ව්‍යාපාරිකයන්ගේ බැංකු ණය සහ ලීසිං මාස 06 ක සහන කාලයකට පොලී රහිතව ලබාදීම.

4.අඩක් හානි වූ නිවාසවලට ගෙවන වන්දි මුදල් තීරණය කිරීම.

5.පූර්ණ හානි වූ නිවාසවලට ලබා දෙන වන්දිවල උපරිමය සහ අවමය පැහැදිළිව තීරණය කිරීම.

6.ජලයෙන් හානි වී ඇති සහ බොල් වී ඇති නිවාසවල බිත්ති බැලූ බැල්මට හානියක් නැතත් යතා තත්වයට පත් කිරීම සඳහා නිවසේ වර්ග අඩි ගණන අනුව යම් මුදලක් ලබාදීම.

7.කෘෂිකාර්මික සමස්ත භෝග සඳහා එනම් ගොවිජනතාව ආරක්ෂා කිරීමේ සහන ලබා දීම.

8.නිවාස සාදා ගැනීම සඳහා වාරි මාර්ග සහ අනෙකුත් අංශ ඒකාබද්ධ කර වැලි පිරී ඇති ස්ථානවලින් බලපත්‍රවලින් තොර අදාළ වැලි ලබා ගැනීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ග්‍රාම නිලධාරීන්ට පැවරීම.

 9.එම අලුත්වැඩියා කිරීම් මහජනතාව විසින් සිදුකරන විට පොලීසි මගින් උසාවියට ඉදිරිපත් කිරීමෙන් මහජනතාව අසීරුතාවට පත්වීම වැළැක්වීම සඳහා වැලි ප්‍රවාහනය ලිහිල් කිරීම.

10.හානි සිදු වී ඇති දිස්ත්‍රික්ක සඳහා විදුලිය කඩිනමින් යතාවත් කිරීම, විනාශ වී ඇති කුඹුරු අස්වැද්දීම සඳහා ක්‍රමවේදයන් සකස් කිරීම සහ පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීම.

11.සියලු ම සමෘද්ධිලාභී සහ අස්වැසුම ලබාගන්නා පවුල් සඳහා සහ රජයේ විශ්‍රාමික අය සඳහා ලබා දෙන දීමනාව මාස කිහිපයක් දෙගුණයක් කර ලබා දීම.

12.හානි සිදු වී ඇති නැති ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සඳහා ඇතිවිය හැකි ආහාර හිඟය  සහල්, ළූණු, අල, පරිප්පු හා එළවළු ඇතුළු සියලු ද්‍රව්‍යයන් සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සඳහා යෝජනා සකස් කර ගැනීම.

13.සියලුම හානියට පත් රජයේ සේවකයන්ට සහ හානි සිදු වී ඇති ජනතාව වෙනුවෙන් සේවය කරන රාජ්‍ය නිළධාරීන්ට, විශේෂයෙන් ක්ෂේත්‍ර නිළධාරීන් සියලු දෙනාට මෙම කාල සීමාව තුළ පෙර රජයන් විසින් කරන ලද ආකාරයටම ඔවුන්ට විශේෂ දීමනා චක්‍ර ලේඛන වහාම නිකුත් කිරීම.

14.කෙසේ හෝ ශ්‍රී ලංකා ඉතිහාසයේ 1953 ත්, 1958 ත්, 1970 ත්, 1981 ත්, 1983 ත්, 1987 ත්, 1989 ත්, 1990 ත්, 1994 ත්, 1995 ත්, 1998 ත්, 2001 ත්, 2004 ත්, 2005 ත්, 2009 ත්,  2011 ත්, 2018 ත්, 2019 ත්, 2020 ත්, 2021 ත්, 2022 ත් යන  සෑම අවස්ථාවක ම මහජනතාවට සහන ලබාදීම සඳහා හදිසි නීතිය පනවා ඇති අතර, සුළි සුළං අවස්ථාවල ද, ගංවතුර අවස්ථාවල ද එම නීතිය භාවිතා කර තිබෙනවා.

15.එමගින් ශ්‍රී ලාංකික මහජනතාවට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන්ටත්, ත්‍රිවිද හමුදාව සහ පොලීසියටත් එම කටයුතු කරගෙන යාමට ඇති බාධා කඩිනමින් ඉවත්වී ඉඩප්‍රස්තාව ලැබෙනවා.

16.රජයේ දේශපාලන අධිකාරියේ සභාපතිත්වය, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු එම ප්‍රදේශවල ත්‍රිවිධ හමුදා නිලධාරින්, සියලුම ක්ෂේත්‍ර නිලධාරින් හා සිවිල් පරිපාලනය වඩාත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීම.

 මෙවන් ඛේදජනක අවස්ථාවක ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන තත්ත්වය ඉතාමත් ඛේදනීය බව සිහිපත් කිරීමට කැමැත්තෙමි. අප හට මේ අවස්ථාවේ දී කළ හැක්කේ අපේ දැනුමත්, පළපුරුද්දත්, අත්දැකීමුත් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත සදහා යෙදවීමයි. ඒ බව රජයට අප මතක් කර දීමට කැමැත්තෙමු.

ලද අත්දැකීම් විපතට පත් ජනාතවගේ යහපත සඳහා

විශේෂයෙන් සිය පවුල් පිටින් මිහිදන් වී ඇති මෙම අවස්ථාවේදී එම පවුල් වල ඥාතීන්ටත් එම පවුල්වල හිතවත් සියලු දෙනාටත් අපගේ ශෝකය නැවතත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි ගංවතුරවල් 15 වතාවකට පමණ මුහුණ දී ඇත. එයින් ප්‍රථම ගංවතුර තත්ත්වය සඳහා 1913 වර්ෂයේදී මුහුණදුන් අතර අප පාලන කාලයේ එනම් 2017 වර්ෂයේත් මෙවන් අවස්ථාවලට රජයන් මුහුණ දී ඇත. එම අවස්ථා නිසියාකාරව කළමණාකරණය කරමින් අප ලද අත්දැකීම් විපතට පත් ජනාතවගේ යහපත සඳහා යෙදවීම අපගේ යුතුකමක් ලෙස අප කල්පනා කල අතර ඒ පිළිබඳ රජයේ අවධානය යොමු කිරීම වැදගත් බව අපේ හැඟීමයි.

 

42710704 26 05 2017 sri lanka flood

විශේෂයෙන් 2003 වර්ෂයේදී ඇතිවූ ආපදා තත්ත්වයේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ගේ පූර්ණ උපදෙස් මත රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ලෙස මා ආපදා කළමනාකරණ අමාත්‍යංශයත්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියත් හැසිර වූ ආකාරය ද ඉතා සුවිශේෂි අවස්ථාවක් ලෙස සිහිපත් කරන්නෙමි.


රක්ෂණ ක්‍රමවේදයේ වැදගත්කම

එසේම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ එනම් 2016, 2017 කාලවකවානුවේ මුළු රටම රක්ෂණය කළා. රටට සිදුවන විපත්වල දී National Insurance Trust Fund (NITF) එකක් හරහා ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීමෙනුයි මේ ක්‍රියාදාමය සිදුකළේ. එමගින් ගංවතුරින්, සුළඟින් හා වෙනත් ආපදාවලින් සිදුවන හානිවලට සහන ලබා දිමට අප රජයට හැකි වුනා. පසුකාලීනව එය නැවතී ගියා. මෙවන් අවස්ථාවක එම රක්ෂණ ක්‍රම වේදය ඉතා වැදගත් බව ද සිහිපත් කරමි.


NITF
හදිසි නීතිය ද අවශ්‍ය ය

ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ක් තිබුණු අතර එය  377 දක්වා අප 2018 වර්ෂයේ දී වැඩි කළ අතර වර්තමානයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක, ග්‍රාම නිලධාරී වසම් 14,022 ක මහජනයා හට මේ අයහපත් තත්ත්වය බලපා තිබෙන බව අප දනිමු. මෙවන් අවස්ථාවක හදීසි නීතිය ඉතා වැදගත් බව ප්‍රථමයෙන් මතක් කිරීමට කැමැත්තෙමි. උදාහරණයක් ලෙස 1940 දශකයේ පැමිණි සුළි සුළං අවස්ථාවේ දී එම පාලන යන්ත්‍රයන් විසින් හදීසි නීතිය පනවා ඇත. සාමාන්‍ය නීතියෙන් කළ නොහැකි දෑ හදීසි නීතිය යටතේ රාජ්‍ය යාන්ත්‍රණයට කළ හැකි බැවින් හදීසි නීතිය හා අත්‍යවශ්‍ය රෙගුලාසි එම දින දෙක තුළ පැනවූවා නම් ඉතා වැදගත් බව සිහිපත් කරමි.

විශේෂයෙන් බෝවතැන්න, බ්‍රොඩ්ලෑන්ඩ්ස් වේල්ල, කාසල්රී වේල්ල, ගල්ඔය වේල්ල, ඉගිනිමිටිය වේල්ල, කොත්මලේ වේල්ල, ලක්ෂපාන වේල්ල, ලුණුගම්වෙහෙර වේල්ල, මාදුරුඔය වේල්ල, මස්කෙලිය වේල්ල, මොරගහකන්ද වේල්ල, නෝර්ටන් බ්‍රිජ් වේල්ල, පොල්ගොල්ල වේල්ල, රාජාංගනය වේල්ල, රන්දෙනිගල වේල්ල, රන්ටැඹේ වේල්ල, රත්කිඳ වේල්ල, සමනළවැව වේල්ල, උඩවලවේ වේල්ල, උල්හිටිය වේල්ල, ඉහළ කොත්මලේ වේල්ල, වික්ටෝරියා වේලි වැනි 1977 න් පසු සිදුවූ ඓතිහාසික මහා සංවර්ධන කර්තව්‍යයන් නිසා එම ප්‍රදේශ ගංවතුර තර්ජනයට මුහුණ නොදුන් අතර, ඒවා ඉදි කිරීමට ප්‍රථම මහජනතාවට තිබුණු ගංවතුර අත්දැකීම් වර්තමාන පරම්පරාවට නොමැති වීම නිසා සිදුවන හානිය වැඩි වන බව ද අප සිහිපත් කර ගත යුතුය.


රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම


විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය දැරු එනම් 2017 වසරේදී, ඇතිවූ ගංවතුර හේතුවෙන් කළුතර, මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොට යනාදි දිස්ත්‍රික්කවල පවුල් 60,000 ට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වූ අතර එම අවස්ථාවේ දී ගත් තීරණ නිසා කෙටි කාලයක් තුළ මහජනතාව යථා තත්වයට පත් කිරීමට අප රජයට හැකියාව ලැබුණි. ඒ වගේම මේ අවස්ථාවේදී ප්‍රධාන කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.


39001885 605
විශේෂයෙන් ම මෙම තත්ත්වය ඇතිවීම පිළිබඳ අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේම විදේශීය වශයෙනුත් ඒ පිළිබඳ කල් වේලා ඇතුව දැනුවත් කර තිබුණා. ඒ අනුව මෙවන්  අවස්ථාවක රජය අවධානය යොමු කළ යුත්තේ සියලු ආයතන ඒකාබද්ධ කරමින් රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීම පිළිබඳවයි.

උදාහරණයක් ලෙස මහවැලි ජල කළමණාකාරන ඒකකයත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයත් යන ආයතනවල නිවැරදි සම්බන්ධිකරණයක් හරහා වැඩිවන ජලය පාලනය කිරීම සඳහා මෙම ජලාශවල තිබෙන ජලය කල් වේලා ඇතුව පාලනය කරගැනීමට රජය වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුව තිබුණා. එසේ කළාදැයි නොකළාදැයි මෙම අවස්ථාවේ අප දන්නේ නැහැ. කෙසේ හෝ එම ජල පාලනය ඉතා වැදගත් බව ද මෙම අවස්ථාවේදී මතක් කරන්නට කැමැත්තෙමි.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න