මම මේ කතා කරන්න හදන්නෙ පැය දොළහකට වඩා එක දිගට මහන්සි වෙන ජොබ් එකක් ගැන.
මිනිස්සු මිනිස්සු හැටියට දකින්න සමාජේ විදහ තේරුම් ගන්න මනුස්සයෙක් ගෙදරින් එළියට බහින්න ඕනි.අවුරුදු 18ක් 20 උනාම ජොබ් එකක් කරන්න ඕනි අඩුම අත්දැකීමක් ගන්නවත්.
අපිට අත්දැකීම් ගොඩක් ගන්න පුලුවන් තැනක තමයි සුපර් මාර්කට් කියන්නෙ.ඒකට හේතුව එක එක ජාතියේ මිනිස්සු අපිට හම්බෙනවනෙ.හැබැයි ඒකත් සෙට් වෙන්නෙ පිටිපස්සෙ දොරෙන් ඉස්සරහ ඉන්න උන්ට විතරයි. ඉතින් ඒ ලක් එක හම්බෙන්නෙ ගොඩක්ම වෙලාවට ෆ්ලෝ එකේ වැඩ කරන උන්ට.මම මේ කියන්නෙ මම දකින දේ විතරයි. එක එක්කෙනාට මේක වෙනස් වෙන්න පුලුවන්.
හිනාවක් දීලා දවසක් හදන හැටි...
අපිට මනුස්සයෙක්ට ලේසියෙන්ම දෙන්න පුලුවන් දෙයක් තමයි හිනාව,පොඩ්ඩක් දත් ටික පේන්න යන්තම් හිනා උනත් ඕනිම බුම්මන් ඉන්න කෙනෙක් යන්තම් හරි හිනාවෙනවා.

ඉතින් මම නම් කියන්නෙ ඔය අපි දකින සුපර්මාර්කට් ජීවිතේ මුලින්ම විදින්න පටන් ගන්න ඕනි හිනාවෙන්.නැත්තම් දවස අවුල්.වැඩ කරන උන්ගෙත් අවුල් බඩු ගන්න එන අපෙත් අවුල්.
අනිත් දේ තමයි සුහදශිලී කතාව. මම කියන්නැ හැමෝම එක්ක එහෙම කරන්න කියලා.මොකද අද සමාජෙ සමහරු ටිකක් නෙවේ ගොඩක් අවුල්නෙ.
හැබැයි ගොඩක් කස්ටර්මස්ලා සුහදශීලී කියන එක ටිකක් බලාපොරොත්තු වෙනවා.
මොකද ඔය ගොඩක් උන්ගෙ ඇරියස් ටික යවන්නෙත් ඔය වගෙ තැනක.හැබැයි ඒ තත්වේ පොඩි වෙලාවකට හරි නැති කරන්න පුලුවන් මම ඔය උඩ කිව්ව වගේ පොඩ්ඩක් හිනාවෙලා කතාකරාම.කෙටියෙන්ම කිව්වොත් හොද කස්ටර්මර් සර්විස් එකක් දීපල්ලකෝ.
අන්න එතකොට ඔය කියන සර්විස් එක බලන්නවත් අනිවා කස්ටර්මස්ලා පිරෙයි.

තනතුරු වෙනස් උනත් මානවත්වය එකක්..
තව දෙයක් තමයි ඉන්න දෙනවා, කන්න දෙනවා කිව්වට සමහර තැන් වල ඉන්නත් බෑ කන්නත් බෑ.මම දන්න තව දෙයක් තමයි හරියට උන්ට නින්දකුත් නෑ.වැඩකරන එකෙක් ශිෆ්ට් එකට ආවේ නැතුවම උගේ ශිෆ්ට් එකත් එක්ක ඇදලා, බර වැඩ නෑ කිව්වට සෙල්ෆ් වල අඩු වෙන බඩු ටික උස්සන් ඇවිත් පුරවලා කොදු ටික කඩාගෙන පැය දොළහක් කවර් කරලා තවත් අමතර වෙලාවක් ඉන්න උනාම....හිතපල්ලකො ඇගට තියන අමාරුව...ඒ අස්සෙ වේලිච්ච ගිල ගන්න බැරි බත් එකක කටවල් දෙකක් බඩගින්නට කන්න උනාම...ගෙදර අම්මගෙ බත් එක මතක් වෙනකොට දැනෙන වේදනාව පුදුමයි උන් ඉවසනවා.
(දැන් හිතන්න එපා ඔච්චර දුක් විදින්නැතුව ගෙදර ගියානම් හරි කියලා.)

හැබැයි උන් අපෙන් හම්බෙන පොඩි හිනාවකට උන් ගැන කියන පොඩි හොදකට මාරම ආසයි.අපිටත් පුලුවන් නම් උන් වගේ හිනාවෙලා උන් වගේ කතාකරලා උන්ගේ මහන්සිය පොඩ්ඩක් අගය කරන්න.උන්ගේ දවසෙ මහන්සිය අමතක වෙලා දිය වෙලාම යයි.
උන්ගෙ මූණෙ අව්‍යාජ හිනාවක් රැදෙයි.
මම මේ දෙගොල්ලො ගැනම කතාකරේ තේරුම් ගන්න.
අපි හැමෝම මොන තරාතිරමක හිටියත් මිනිස්සු කියලා. ඒ හින්දා හිනාවෙලා කතාකරන්න
( සටහන - සඳුනි නිමේශා )

