ලෝකයේ ම දරුවන්ට විස පොවා සිය දරුවන් විසෙන් දුරස් කළ පියා

ලෝකයේ ම දරුවන්ට විස පොවා සිය දරුවන් විසෙන් දුරස් කළ පියා
"ශ්‍රේෂ්ඨ මිනිස්සු මත්ද්‍රව්‍ය භාවිතා නොකරයි"

මේ කතාව කියන්නේ සිගරට් එකක්වත් කටේ තියන්නේ නැති මනුස්සයෙක් නෙවෙයි. මේ කතාව කියන්නේ එතෙක් මෙතෙක් මත්ද්‍රව්‍ය ඉතිහාසයේ "king" ලෙස හඳුන්වන Pablo Escobar. Escobar හඳුන්වන්නේ "King of Cocaine" කියලා.

කොලොබියාවේ ඉපදිලා මුලු ලෝකෙටම මත්ද්‍රව්‍ය යවපු Escobar, එකල ලෝකේ තිබ්බ මත්ද්‍රව්‍යවලින් 80% කටම දායක වුණා. ඒ වගේම මනුස්ස ජීවිත 3000ක් පමණ ඔහු අතින් ඝාතනය වෙලා තියෙනවලු. කොලොම්බියාවේ රජෙක් වගේ ජිවත් වුණ Escobar 1993 දි කාත් කවුරුවත් නැතුව වහලක් උඩදී, බල්ලෙක් වගේ පොලිසීය අතින් වෙඩි කාලා මිය යනවා.
 

652bd0caf8f019001d7ca440
 

මත් ද්‍රව්‍ය වුමනා නම් මට කතා කරන්න


ඔහුට හිටියා පුතෙකුයි, දුවෙකුයි. පුතාගේ නම Sebastián Marroquín. Escobar වෙඩි කාලා මැරුණෙකොට පුතාට අවුරුදු 16 යි. මරණෙන් පස්සේ මේ දුවයි පුතයි එක්ක Escobar ගේ බිරිඳ, ආර්ජන්ටිනාවට පලා යනවා. ගිහින් එහේ රහසේ ජීවත් වෙනවා. පස්සේ කාලේක Escobar ගේ පුතා Sebastián එලියට එනවා; ඇවිත් තමන්ගේ අනන්‍යතාව හෙළි කරනවා. හෙළි කරලා ඔහු මාධ්‍ය සාකච්චාවකට සහභාගි වෙනවා. එකේදි ඔහු තමන්ගේ පියා ගැන අපූරු කතාවක් කියනවා.
 
MV5BYmZmOGUzMjItNjlhNy00YWJmLWEwMjYtY2FlODlkYjJjNTc0XkEyXkFqcGc. V1

 
"එතකොට මගේ වයස අවුරුදු 08 යි. දවසක් තාත්තා මට කතා කළා. ඒ වෙනකොට තිබ්බ සියලු මත්ද්‍රව්‍ය මට පෙන්නුවා.  ඒ හැම එකකම භයානකකම ගැන කිව්වා. 'ශ්‍රේෂ්ඨ මිනිසෙක් යනු මත්ද්‍රව්‍ය භාවිතා නොකරන තැනැත්තා ය' කියලා ඔහු කිව්වා. නමුත් ඔහු දැන හිටියා මා මත්ද්‍රව්‍යවලින් වට වී ඇති බව.  මගේ සියලු මිතුරන් ඒවා සියල්ල උත්සාහ කර තිබුණා. ඒ නිසා ඔහු මට කිව්වා, 'ඔබට මත්ද්‍රව්‍ය අවශ්‍ය වුනොත්, මට කතා කරන්න' කියලා. ඔහු පාවිච්චි කළ එකම මත්ද්‍රව්‍යය වුණේ මරිජුවානා විතරයි. ඔහු කිසි විටෙකත් හෙරොයින් භාවිතා කළේ නෑ. මන්ද එය කොතරම් ඇබ්බැහි විය හැකිදැයි ඔහු හොඳින් දැන සිටියා. ඒ නිසා ඔහු මාව ඒ දේවල් වලින් ඈත් කළා.
 


ලෝක ධර්මතාව


ඔය විදියට මාධ්‍යයට තමන් ගේ පියා ගැන කියපු පුතා, තමන්ගේ තාත්තගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ගැන හුඟාක් පසුතැවෙන බව කිව්වා. Escobar ලෝකෙම දරුවන්ට විෂ මත්ද්‍රව්‍ය දීලා ඒ ජීවිත විනාස කළත්, තමන්ගේ දරුවා විනාස වෙනවා දකින්න කැමති වුනේ නෑ. ඒ නිසා තමන්ගේ දරුවට මත්ද්‍රව්‍යවල තියෙන භයානක කම කියලා දීලා ඒවගෙන් ඈත් කළා. මිනීමරුවෙක් උනත්, හොරෙක් උනත්, මත්ද්‍රව්‍ය ඩීලර් කෙනෙක් උනත් තමන්ගේ දරුවට ආදරේ කරන එක ලෝක ධර්මතාවයක්. ඒ කවුරු උනත් තමන්ගේ දරුවා විනාස වෙනවා දකින්න කැමති නෑ. හැබැයි අනිත් දරුවෝ විනාස උනාට එයාලා ගැටලුවක් නෑ.
 
 
pbl

තමා උපමා කරගනිමින් අනුනට හිංසා නොකරන්න
 


"අත්තානං උපමං කත්වා" කියලා බුදුරජාණන් වහන්සේ දේශලා කළා. ඒ කියන්නේ තමන්ව උපමා කරගෙන අනිත් අයට හිංසා කරන්න එපා කියලා.

තමන්ගේ දරුවා මත්ද්‍රව්‍ය අරගෙන විනාස වෙනවා දකින්න කැමති නෑ වගේම, තමන් උපමා කරගෙන අනිත් දරුවන්ගේ ජිවිත දිහත් කරුණාවෙන් බලන්න පුළුවන් වුණා නම් කවදාවත් ඔය මත්ද්‍රව්‍ය බෙදාහරින්න උත්සහ කරන්නේ නෑ. ඒවට සහය දෙන්න හිතෙන්නේ නෑ.

මත්ද්‍රව්‍ය ගන්න කෙනාට ගති දෙකක් උරුම බව බුදුරජාණන් වහන්සේ වදාළා. එකක් තමයි මරණින් මත්‍තේ නිරයේ යනවා; ගිහින් බොහෝ දුක් විඳින්න වෙනවා. අනික තමයි, පුංචි හරි පිනක් තිබිලා මනුස්ස ලෝකේට ආවොත් ඒ ජීවිතේ මන්දබුද්ධික වන බව. මත්පැන්, මත්ද්‍රව්‍ය බොන තැනැත්තා මෙලොවත් පිරිහිනවා; පරලොවත් පිරිහිනවා. තමන්ගේ දරුවා මත් ලෝලියෙකු වෙනවා දකින්න අකමැතියි වගේම, අනිත් දරුවන් මත් ලෝලියෙක් වෙනවා දකින්න කැමති වෙන්න එපා..!


''මහණෙනි, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තා හට උම්මත්තක බවට පත්වීමට හේතු වෙයි.''
 

බුදුරජාණන් වහන්සේ - අපාය සංවත්තතික සූත්‍රය

Bhagya Sameera Jayasekare Bsj

උපුටා ගත්තේ Rangana Ruwanpura ගේ Face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න