එමෙන්ම විවිධ පක්ෂීන්ගේ නාද රටා පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ද ඔවුන් තම අවශ්‍යතාවයන් තම වර්ගයා අතර සන්නිවේදනය කිරීමට විවිධ නාද රටා යොදා ගන්නා බව දැක ගත හැකිය. උදාහරණ ලෙස කොහා, කපුටා, කුකුළා, කවුඩා ආදී පක්ෂීන් වර්ග තම අවශ්‍යතා අනුව එක් එක් නාදරටා යොදා ගන්නා ආකාරය දැක ගත හැකිය.
එනම් කොහා යන පක්ෂියා අප්‍රේල් මාසයේ හඬ නගන්නේ තම සහකරුවා හෝ සහකාරිය සොයා ගැනීමටය. එය කාගේත් මතයයි. එමෙන්ම කපුටා යන පක්ෂියා ආහාරයක් ලැබුණු විට එක් ශබ්දයකුත් තම වර්ගයේ අයෙකුට කරදරයක් වූ විට තවත් හඬකින් ද නාද කරමින් සන්නිවේදනය කිරීමට පෙළඹේ. කුකුළා ට ද විවිධ නාද රටා පවතී. බිත්තර දැමූ පසු කිකිළිය නාද කරන විලාසයත්, තම පැටවුන්ට අඬ ගසන විට නාද කරන විලාසයත්, උදෑසනම කුකුළන් හඬ විලාසයත් ආදී වශයෙන් විවිධාකාරයේ නාදරටා පවතී. කවුඩාගේ ද මෙලෙස විවිධාකාරයේ හඬ ඇසිය හැක.
සමහර මත්ස්‍යයින් පිළිබඳව කෙරුණු පර්යේෂණවල දී ස්ටිකල් බැක් නැමැති මත්ස්‍යයා විශේෂ ස්ථානයක් ගනී. මොවුන් අස්ථි තුනක් සහිත මත්ස්‍ය වර්ගයක් වේ. මෙම මත්ස්‍ය වර්ගයා බිත්තර දැමීමට ආසන්න වීමේ දී ගැහැණු මත්ස්‍යයාගේ ඒ බව පිරිමි මත්ස්‍යයාට සන්නිවේදනය කිරීමේ පටන්, ඒ සඳහා සුදුසු ස්ථානයක් පිරිමි මත්ස්‍යයා සොයා ගන්නා අවස්ථාවේදීත්, ඒ ස්ථානය කරා රැගෙන යාමේදීත්, ගැහැණු මත්ස්‍යයා බිත්තර දමන අවස්ථාව දක්වා යන අවස්ථාවන්හිදී ඔවුන්ගේ චර්යාවන් දැක ගත හැකි අතර ඔවුන්ගේ වර්ණ විපර්යාසයන්ද ඒ අවස්ථාවන්හි දක්නට ලැබේ.
ගිබන් වැනි සිවුපා සත්ත්වයින් හඬ නවයක් ඔස්සේ විවිධාර්ථ ඉදිරිපත් කරන බව සොයාගෙන ඇත. එපමණක් නොව අප සමඟ බළලුන් හා බල්ලන්ගේ ද විවිධාකාර ශබ්ද අසන්නට ලැබේ. එම විවිධාකාර ශබ්ද ඔස්සේ විවිධාර්ථ අදහස් කෙරේ. ඔවුන්ගේ හැසිරීම් රටා තුළින් ද ඒ බව වැටහේ.
අලි ඇතුන්ට ද නලා පිඹීමට, ක්‍රීඩා කිරීමට හා චිත්‍ර ඇඳීමට පුරුදු පුහුණු කර තිබේ. තවත් විටෙක ගිරවුන් හා සැළලිහිණියා වැනි පක්ෂීන් සඳහා ද විවිධ වාගාලාප පුරුදු පුහුණු කොට තිබේ. “බත් කෑවා” ආදී වශයෙන් වාක්‍ය රටා පුරුදු පුහුණු කොට ඇත. එනම් ඔවුන්ට ඇත්තේ අනුකරණාත්මක හැකියාවකි. නමුත් ඔවුන්ට භාෂා උත්පාදක හැකියාවක් ඇති බව දක්නට නොලැබේ. එනම් මිනිසෙකුට මෙන් ම භාෂා උපාර්ජනය කර ගැනීමේ හැකියාවක් නොපවතී.
කුඩා කෘමි සතුන් අතරද සන්නිවේදනය වන බව දක්නට ලැබේ. එනම් කුහුඹුවන් ආහාරයක් දුටුවිට රංචුව පිටින් විත් එම ආහාරය රැගෙන යයි.
ඉන් අදහස් වන්නේ ඒ සඳහා සන්නිවේදනයක් වූ බවයි. එබැවින් ඉහත කරුණු අනුව පෙනී යන්නේ සත්වයින්ට සුළු වශයෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව තිබුණ ද ඔවුන්ගේ මෙම හැකියාව සීමා සහිත වන බවයි. මානව සන්නිවේදනය තරම් දියුණු සන්නිවේදනයක් නොවන බවයි.
ආශ්‍රිත ග්‍රන්ථ
විජේසේකර ජේ.එස් (2009), භාෂාව සහ මනසග වාග්විද්‍යා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.
ඩබ්.රුවිනි නිසංසලා
අවසන් වසර
වාග්විද්‍යා අංශය
කැලණිය විශ්වවිද්‍යාලය