Language Switcher

V2025

අභීත මහානාම පුත්‍රයකුගේ ආගමනය................

දේශමාන්‍ය රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න RSP USP psc MMaritimePol MSc PG Dip in CR MNI අද දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාන්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇති අතර මේ වන විට යුද්ධ සහ නාවික හමුදා ද්විත්වයේම මාන්ඩලික ප්‍රධානීන් ලෙස තනතුරු හොබවනු ලබන්නේ සමකාලීන ශ්‍රේශ්ඨ මහානාම පුත්‍රයන් දෙදෙනෙකු බව සටහන් තබන්නේ අභිමානයෙනි.

1969 ජනවාරී මස16 වනදින උපත ලද කරුනානයක ජයන්ත කුලරත්න කොලඹ මහානාම විද්‍යාලයේ කීර්තිමත් ශිශ්‍යකු වූ අතර විදුහලේ අධ්‍යයන හා බාහිර සියලු කටයුතු වලදී නිතැතින්ම ප්‍රමුඛත්වය ලබා ගන්නා ලද සුවිශේශී මහනාම පුත්‍රයෙකි. මහානාමයේ ශ්‍රේශ්ඨ නිර්මාතෘ වරයා ලෙස සැලකෙන දිවංගත කේ එන් පී ද සිල්වා ගුරු පියානන්ගේ නිබද ගරුත්වයට පාත්‍ර වෙමින් එතුමන්ගේ අවවාද අනුශාශනා යටතේ සිය නායකත්ව කුසලතාවයන් ක්‍රමවත්ව වර්ධනය කර ගත් ජේශ්ඨ ශිශ්‍ය නායකයෙකු ලෙස විදුහලේ උන්නතිය උදෙසා අතිශයින් කැපවීමෙන් කටයුතු කර ඇති බැව් නිරහංකාරයෙන් සටහන් කල හැක. මහානාම විද්‍යාලයේ ප්‍රථම හා ආරම්භක ශිස්‍ය භට කන්ඩයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වූ අතර එතුමා පසුකාලීනව හර්මන් ලූස් කුසලානය දක්වා මහානාම කන්ඩය රැගෙන යාමේ ගරුත්වයට නිතැතින් පාත්‍ර විය යුත්තෙකි.

දේශීය හා විදේශීය විශ්ව විද්‍යාල රාශියකින් ශාස්ත්‍රපති, විද්‍යාපති හා පශ්චාත් උපාධී අතිමහත් ප්‍රමානයක් සම්පූර්න කර ඇති මෙම විද්වතානන් මුලු දිවයිනටම බලපැවැත්වෙන සමාදාන විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කරයි.

වසර 36 කට ආසන්න සිය නාවික හමුදා දිවියතුල සිදුකල නාවික අනදීම පිලිබදව සදහන් කරන්නේ නම් අධිවේගී නාවික යාත්‍රා පී453 හා පී462 අනදෙන නිලධාරි, ශැංහයි පන්තියේ චීන ප්‍රහාරක යාත්‍රා අනදෙන නිලධාරී, රන්ධීර් හා රනසිරි නාවික ප්‍රහාරක යාත්‍රා ද්විත්වය සදහාම අනදීම, සුරනිමල අධිවේගී ප්‍රහාරක යාත්‍රාව අනදීම, පරාක්‍රම නාවික යාත්‍රා අනදීම පිලිබදව සදහන් කල හැකි අතර ත්‍රිකුනාමලයේ නාවික අංගන අනදෙන නිලධාරී, නාවික විද්‍යාපීඨයේ නියෝජ්‍ය අනදෙන නිලධාරී තනතුර, ත්‍රිකුනා මල වරාය ආරක්ශක සේවා නිලධාරී, නාවික හමුදා මූලස්තානයේ අධ්‍යක්ශක ජෙනරාල් සේවා , අධ්‍යක්ශක ජෙනරාල් පුහුනු හා නැගෙනහිර නාවික විධානයේ ප්‍රධාන අනදෙන නිලධාරී තනතුරු පිලිබදව අභිමානයෙන් සදහන් කල හැකි අතර. එසේම ඔහුගේ නිකලැල් නාවික හමුදා සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමින් හා රනබිමේ දැක්වූ අති ප්‍රභල දක්ශතාවයන් හා කැපවීම වෙනුවෙන් රනශූර පදක්කම ඇතුලු තවත් පදක්කම් විශාල ප්‍රමානයකින් පිදුම් ලබාඇති බැව් ප්‍රකාශ කල හැක්කේ අවංක දේශමාමකත්වය පෙරදරි කර ගනිමිනි. මීට අමතරව මේ දක්වා ලංකාවේ රාජකාරී කල සියලු නාවික හමුදාධිපති වරුන් ඇතුල සියලු නාවික නිලධාරීන්ගේ නොමද ගරුත්වයට පාත්‍රවී ඇති මෙම ජේශ්ඨ නිලධාරී, නාවික හමුදා කනිශ්ඨයන්ගේ නිබද ඇගයීමට ලක් වී ඇත්තේ දෙඅත් පිරිසිදු වීම මත හා සිය කනිශ්ඨ නාවිකයන් පිලිබදව නිරන්තරයෙන් සොයාබලමින් හදවතින්ම කැපවෙන මහත්මයෙකු වන නිසාවෙනි. එසේම එතුමන්ගේ මෙම අද්විතීය මානුශික, ජාතික හා ආගමික සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාව වෙතින් දේශමාන්‍ය සම්මානයෙන් පවා පිදුම් ලබාඇති බැව් සිහිපත් කරන්නේ ඒ සදහා මූලික වී ඇත්තේ ඔහු එදා මහානාම විද්‍යාලය ආශ්‍රයෙන් එදා ලද හික්මීම, ශික්ශනයහා ආගමික නැඹුරුව හේතුවනි.

ඔහුගේ සදාදරනීය බිරිද උදේනී කුලරත්න මැතිනිය හා දයාබර පුතු අශේන් සැමවිටම මේ නිහඩ යුග පුරුශයාට සවියක් වූ අතර මියගිය නාවික හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන් හා නාවික හමුදා සුභසාධනය වෙනුවෙන් ඇගේ කැපවීම බොහෝ නාවික සෙබලුන් ආදරයෙන් සිහිපත් කරයි.

මහානාමයේ සමකාලීන ආදි සිසුන් මෙම ශ්‍රේශ්ඨ මහානාම පුත්‍රයා වෙත සුභාශිංශන පිරිනමන්නේ ඉමහත් වූ අභිමානයෙනි.

මහානාම ආදි සිසුන්.

2e46968b f8b0 44bf a0d3 e2d360204884