රනිල් ඔයා යන්න : අනුරට රට බාරදෙන්න..!

රනිල් ඔයා යන්න : අනුරට රට බාරදෙන්න..!
 
විජේවීර දශක දෙකක් ජවිපෙ නායකයා ලෙස කටයුතු කලේය. ඔහුගේ නායකත්වයෙන් පැවති ජවිපෙ වේදිකාවේ ඇසුනේ..
 
" ආගිරිගගා පෙත්තා කරකැවෙන්නේ..
රොටියෙන් කහට උගුරෙන් දිවි රැකෙන්නේ.."
 
" කදුයාය මත වැතිරී , තේ දල්ල හිමිදිරියේ 
මේ කදුලු සලන්නේ ,,, වේදනා ගැන වේදනාවෙන් දෝ.. " 
 
"කම්හලෙන් අර නැගෙන්නෙ දුක් සුසුම් අපේ"
 
ඔහුගේ ඇවෑමෙන් ජවිපෙ නායකත්වය ගත් සෝමවංශ මහතාගේ කාලයේ  ජවිපෙ වේදිකාව ජාතිකවාදයේ  රණබෙර හඩින් දිගුම් දෙන අතර  ඉල්සමරු,පක්ෂ සමරු,මැයිදින  වේදිකාවල ඇසුනේ..
 
" කුසට සාගිනි,.හදට සෝගිනි,ඉනට වැරහැලි කැබලි එල්ලා.. "
 
සෝමවංස මහතාගේ විසිවසර තුලද ජවිපෙ ඉහත සටන් පාටමගින් නිරූපනය වන ජනතාව  නියෝජනය කලේය. 
 
විජේවීරට සහ සෝමවංසට වසර 50ක් තුල ජවිපෙ දුප්පත්කම නැති කිරීමට බැරිවිය. තමන්ගෙ පක්ෂයේ දුප්පත්කම නැතිකර ගැනීමට බැරි පක්ෂයක් රටේ දුප්පත්කම නැති කරන්නේ කෙසේදැයි සිතන ජනතාව  ඔවුන්ට රට බාර දුන්නේ නැත. 
 
දැන් අනුර ජවිපෙ බාරගෙන වසර 10ක් ගතවන විට ජවිපෙ වේදිකාවෙන් ඇහෙන්නේ..
 
"මාසෙකට ලක්ෂයකට වඩා ආදායම ගන්න අයගෙන් බදු  ගන්න පටන් ගත්තොත්, එදාට තමා විප්ලවේ පටන් ගන්නේ.."
 
වැනි සටන් පාටය.  රනිල් පාර්ලිමේන්තුවෙ කියන්නේ ලක්ෂ 61 කට සහන ලබාදිය යුතු බවය, ලෝක බැංකුව කියන්නේද ආර්ථික අර්භුදයේ බර පැටවී ඇත්තේ පරිධියේම සිටින ජනතාව මත බවත්, රජය වහාම ඔවුන්ට සහනයක් ලබාදිය යුතු බවය. 
ලෝක බැංකුවද දැන් හිගමනට වැටී ඇත ,උන් නියෝජනය කරන්නේ විජේවීරගේ ජේවීපී එක නියෝජනය කල සටන් පාටය. 
 
"කොලබට කිරි ගමට කැකිරි"
 
රනිල්ද ගෙවල් දොරවල් නැතිවී හිගමනට වැටී ඇත, පොර දැන් කතා කරන්නෙත් විජේවීරගෙ ජවිපෙ පෙනී හිටපු මිනිස්සුන්ගේ ප්‍රශ්නය. 
 
එහෙත්,
 අනුරගෙ  ජේවීපී වේදිකාවෙන් ඇසෙන්නේ 
ලක්ෂෙට වැඩි ආදායමක් ගන්න අයගෙන් 
බදු ගත්තොත් ඊලග විප්ලවේ පටන් ගන්නා බවය. 
 
FB IMG 1665733587833සහනාධාර අවශ්‍ය අයට ලියාපදිංචි වන්න කියන දැන්වීම එකම එක ජේවීපීකාරයෙක් share කර තිබෙනු දැක්කේ නැත. ඒ ඔවුන්ගේ profile වල සහනාධාර අවශ්‍ය දිලින්දන් නැති බැවිනි. 
 
වසර දහයකින් ජවිපෙ පොහොසතුන්ගේ පක්ෂයක් කල අනුරට රට බාරදිය යුතුය. එවිට ඔහු පක්ෂය මෙන්ම රටද පොහොසත් කරනු ඇත. 
 
සැ:යු:
අනුරට රට බාර දුන් පසු , තාමත් පරණ පුරුද්දට යාලුවන්ගෙන් බෙල්ට් සපත්තු ඉල්ලන් පාවිච්චි කරන ටිල්වින් සිල්වා මහතා වැනි අය මදක් නිහඩව අනුර රට හදනතෙක් බලාසිටිය යුතුය.
 
 වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න