Image

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා තහනම් කරමින් අධිකරණ නියෝගයක්!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා තහනම් කරමින් අධිකරණ නියෝගයක්!

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම සහ පදික වේදිකා අවහිර කිරීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිදු කරනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙහිදී උලපනේ සුමංගල හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා සහ පිරිසක් වගඋත්තරකරුවන් කරමින් අදාළ නියෝගය ලබා දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටි බව වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න