Language Switcher

V2025

මිනී මරල නෑ - තල්ලු කරන්න එපා - අසාධාරණයට එරෙහිව කතා කලේ : රන්ජන් කුදලාගෙන ගිය අපූරුව !

උසාවියට අපහාසවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ වරදට සිව් වස් බරපතල වැඩ සහිත සිරදඬුවම් ලැබ ඉකුත් ජනවාරි මස 12වන දින රක්ෂිත බණ්ධනාගාර ගත කෙරුණ පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක මහතා අද දින මව්බිම පුවත් පතට එරෙහිව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලංකා පුවත් පත් මණ්ඩලය වෙත රැගෙන එනු ලැබීය.
 
සිරකරුවෝ ද මනුෂ්‍යයෝය !
 
එසේ රැගෙන ආ පාර්ලිමේන්තු මංත්‍රී, ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා නැවත බන්ධනාගාර බස්‍ රථය වෙත රැගෙන ඒමේදී උණුසුම් තත්වයක් උදාවිය.
 
එම පරිශ්‍රය තුළ විශාල මාධ්‍යවේදීන් පිරිසක් කැමරා කාච නාභිගත කරමින් රන්ජන් රාමනායකගේ ප්‍රකාශයක් වාර්ථා කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව දුටු බන්ධනාගාර නිලධාරීන් පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක මහතා ඉතා නින්දිත ලෙස බිම ඇදගෙන මාධ්‍යට වසන් වන ආකාරයෙන් බන්ධනාගාර බස් රථය තුළට බිම දිගේ ඇදගෙන යාම කැමරා කාච් තුළ සටහන්ව තිබූ අයුරු ' සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන්න කෙතරම් දුරට සත්‍යක්ද බව නැවත නැවතත් සිතීමට අවකාශයක් ඉතිරි කොට ඇත.
 
එසේ තිරිසන් සතකු ගාල් කරනවා සේ බිම දමා ඇදගෙන යන අතර තුර පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක මහතාට සිදු කරන හිංසනයට එදිරිව අසල සිටි පුද්ගලයකු තම හඬ අවදි කලේය.
 
 "තල්ලු කරන්න එපා… තල්ලු කරන්න එපා…..මිනී මරුවෙක් වගේ…..මිනි මරල නෑ…. අසාධාරණය එරෙහිව කතා කළා පමණයි. තල්ලු කරන්න එපා...හෙණ ගහනව…"
 
WhatsApp Image 2021 03 10 at 5.19.37 PM 1 

WhatsApp Image 2021 03 10 at 5.19.37 PM 2

කියමින් ඔහුට සිදුකරන අසාධාරණයට එරෙහිව හඬ නැගුවද, දෑත් සිරකර යකඩ විළංගු දමා සිරගත කලද ඔහු වෙනුවෙන් සමාජයම නිරන්තර අවදානයෙන් හා උනදුවෙන් පසුවන බව පසක් විය..
 
දරුණු ගණයේ අපරාධ දූෂණ හා වංචා වලට චූදිතයන් වූ සිරකරුවන්ට සැකකරුවන්ට මෙසේ ක්‍රියා කලාද?
 
 පසුගිය ඉතිහාසය පුරාවටම මේ ආකාරයෙන් බන්ධනාගාරයෙන් පිටතට හා නැවත බන්ධනාගාරය තුළට රැගෙන යාමේදී හිංසනයට ලක් වූයේ හිටපු සෙන්පති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා රන්ජන් රාමනායක පමණි….
දැනට ආණ්ඩුවේ සිටින එවක විපක්ශයේ ප්‍රබල දේශපාලකයන්ද අදාල නෛතික කටයුතු සඳහා බන්ධනාගාරයෙන් පිටත රැගෙන ඒමේදී හා නැවත බන්ධනාගාරය තුළට රැගෙන යාමේදී ඔවුන්ට රිසි සේ ප්‍රකාශ කිරීමට තිබූ අයිතිය පැවති අතර මෙවන් හිංසනයන්ට ලක්වූ අවස්ථා මාධ්‍ය විසින් වාර්ථාවී නොමැත.
 
මෙසේ මර්ධනය කරණුයේ රංජන් රාමනායක නම් අසහාය රංගධරයා මෙන්ම මජර දේශාපාලනයේ උඩුගම් බලා පිහිනමින් නිරන්තරයෙන් ජනතාව වෙනුවෙන් සත්‍ය කතා කළ සැබෑ දේශපාලකයකුවන අතර මේ සිදුවීම සමග සමාජ මාධ්‍ය තුල නැවතත් රංජන් රාමනායක ගැන දැඩි අවධානයට ලක් වී ඇති අතර ඔහුගේ ෆේස්බුක් හා යූටියුබ් සමාජ මාධ්‍ය තුළ ජනතාව ආකර්ෂණය වෙමින් පවතී.
 
sumusu M 150px
සුමුදු මද්දුමආරච්චි 
මිලානෝ,
ඉතාලිය.