'Fox Hill Supercross 2024' අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්

'Fox Hill Supercross 2024' අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්

දියතලාව, නරියා කන්ද හිදී පැවති "Fox Hill Supercross 2024" මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබීය.

මෙම තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 07 දෙනකු ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර  පවසයි.

යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේගේ උපදෙස් පරිදි මේජර් ජනරාල්වරයකුගේ සභාපතිත්වයෙන් යුක්තව මෙම කමිටුව පිහිටුවා ඇති බව රසික කුමාර පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න