මෛත්‍රීට ස්ථිර අතුරු තහනම් නියෝගයක්

මෛත්‍රීට ස්ථිර අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (අප්‍රේල් 24 වැනිදා) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් 2022 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කළේය.

දිසා විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ 2019 සහ 2021 වසර වල පක්ෂයේ විධායක සභාව පත්වූ ආකාරය පිළිබඳව පෙත්සම්කරු අභියෝගයට ලක්කර ඇති බව ය.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීන්දු කළ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ පැමිණිල්ලේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය පෙනී සිටිමින් පෙරකලාසි ඉදිරිපත් කළාය.

ඉන් අනතුරුව නඩුවට අදාළ උත්තර ජුනි මස 24 වැනි දා ඉදිරිපත් කරන ලෙසත් දිසා විනිසුරුවරයා නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න