දමිතාට හා සැමියාට ඇප

දමිතාට හා සැමියාට ඇප

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔවුන් අද (අප්‍රේල් 24) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හරින ලෙස ය.

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව එම දෙපාර්තමේන්තුව මගින් සැකකාර යුවළට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනුකර තිබිණි.

මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා සැකකාර යුවළ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඇප අයැදුම්පතක් යොමු කර තිබුණ ද අධිකරණය මගින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

එම ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා එම යුවළ කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණ ද එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න