V2025

විනෝදාස්වාද

රවී සිරිවර්ධනට බුන්කා සම්මානය

ගීත රචක, කිවියර රවී සිරිවර්ධනට ජපානයේ බුන්කා සම්මානය හිමව තිබේ.

ඒ ඔහු ගීත රචකයෙක් හා කවියෙක් ලෙස නව පරපුර තුළ ප්‍රකට කළ සුවිසෙස් ප්‍රතිභාව වෙනුවෙනි.

සම්මාන ප්‍රදානය ජපාන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තානාපති නිල නිවසේදී සිදු කෙරිණි.

වාර්ෂිකව ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන සම්මාන උළෙල කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර නොපැවති අතර සම්මාන පිරිනැමීමේ උත්සවය සම්මානලාභීන්ට පමණක් සීමා විය.

ක්ෂේත්‍ර පහක් යටතේ සම්මාන පිරිනැමුණු අතර රංගනය වෙනුවෙන් සමනලී ෆොන්සේකාටත් වේදිකා නාට්‍ය වෙනුවෙන් චාමික හත්තලවත්තටත් බුන්කා සම්මානය හිමි විය.

මෙරට ජපාන තානාපති කාර්යාලය, ජපන් මිත්‍රත්ව පදනම ඇතුලු සංවිධාන කිහිපයක් විසින් බුන්කා සම්මාන උළෙල වාර්ෂිකව පවත්වන්නේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණෙනි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය 1993 වසරේදී ආරම්භ කෙරිණි.

ravi s

යොහානි සල්මන් එක්ක ඉන්දීය රියැලිටි ටෙලිවිෂන් තිරයේ

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග සජීවි රූපවාහිනි වැඩසටහනක් සඳහා සහභාගී වී තිබේ.

ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන “Bigg Boss15” නමින් හැඳින්වෙන එම වැඩසටහනේ දී යොහානි සමඟ සල්මන් ඛාන් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය “Bigg Boss” වැඩසටහන සඳහා යොහානි ආරාධිතයෙකු ලෙස සහභාගී වී ඇති අතර එහිදී පටිගත කරන ලද දර්ශන පෙළක් මේ වන විටත් අන්තර්ජාලයට යොමුකර තිබේ.

අද රාත්‍රී 9.30ට ඉන්දියාවේ “colorstv” චැනලය ඔස්සේ යොහානි සහභාගී වූ එම වැඩසටහන නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවකාශ හිමිවනු ඇත.

යොහානිගෙන් වාර්තාවක්

යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අද(16) වාර්තාවක් තැබුවාය.

ඒ අනුව යොහනි ගේ යූ ටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් ( ෆෙලොවර්ස්) සංඛ්‍යාව අද (16) දිනයේ ලක්ෂ තුන සීමාව පසු කළේය.

මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතු යූ ටියුබ් චැනලය වූයේ ඉවුම් පිහුම් කලාව කියා දෙන "අපේ අම්මා " යූ ටියුබ් චැනලයි.

ලොව පුරා කෝටි 15.5 ක නැරඹුවාර හිමි "මැණිකේ මගේ හිතේ " ගීතය ප්‍රතිගායනා කිරීම හරහා ඉන්දියාව , නේපාලය , බංග්ලාදේශය ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රිය වූ යොහානී ට ලැ⁣බෙන රසික ප්‍රතිචාර හේතුවෙන් ඇයගේ යූ ටියුබ් චැනලයේ අනුගාමිකයින් ලක්ෂ තුන පසු කීරීමට සමත් වී ඇත.

එම ගීතයේ ජනප්‍රියත්වය හේතුවෙන් ඇය මේවන විට ඉන්දියාවේ සංගීත ප්‍රසංග 2ක් පැවැත්වූ අතර ඉදිරියේදී ඕමානයේ සහ ඩුබායි හී නව ප්‍රසංග 2 ක් සදහා ඇයට ආරාධනා ලැබී ඇත.

ඉන්දියාවේ ලැබූ ජනප්‍රියත්වය නිසාම ඇය ලෝකයේ වැඩිම යූ ටියුබ් අනුගාමිකයන් සහිත ඉන්දියාවේ ටී සීරිස් ආයතන සමගද සංගීත කටයුතු සදහා ගිවිසුම් ගත වී ඇත.ඒ අනුව ඇය සිය පලමු බොලිවුඩ් ගීත ගායනයටද ඉකුත් 04 පිවිසියාය."ෂිද්දත්" නැමති බොලිවුඩ් චිත්‍රපටයේ පසුබිම් ගීතයේ කාන්තා අනුවාදන ගීය වූ එය ද මේ වන විට කෝටියක් නරඹා අවසානය.

lankadeepa

රංගන ශිල්පිණි සමන්තාත් කොරෝනාවට බිලිවේ

ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය ශිල්පිනියක වූ සමන්තා ඈපාසිංහ කොවිඞ් ආසාදිතව ඊයේ (03දා) අභාවප්‍රාප්ත වූවාය.

54 වෙනි වියේ පසු වූ සමන්තා, එසේ අභාවප්‍රාප්ත වී ඇත්තේ කොවිඞ් ආසාදිතව හොරණ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

පන්නිපිටිය ධර්මපාල විදුහලේ ඉගෙනුම ලැබූ සමන්තා ඈපාසිංහ, දයාසේන ලියනගේ ගේ මුහුද මුද්‍රා නාට්‍යයෙන් රංගන දිවිය ආරම්භ කළ අතර ලූෂන් බුලත්සිංහල හා බන්දුල විතානගේ ආදීන් විසින් ඇය පුංචි තිරයට එක් කළහ.

මවකගේ හීනය, අසල්වැසියන්ගේ සෙනෙහෙබර ඩොලී, නොමරෙන මිනිස්සු, යතුරු ලේඛිකාවක් වැනි ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑ සමන්තා වලව්වේ හාමු, කෙළිමඬල, රජෙක් වගේ පුතෙක්, සයනයේ සිහිනය, විජය ගීතා, තුන්වෙනි ඇහැ, ලොකු දුව, ඇයි ඔබ තනිවෙලා ඇතුළු චිත්‍රපට ගණනාවක ද රඟපෑවාය.

'රජෙක් වගේ පුතෙක්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1993 වසරේදී හොදම නැගී එන නිළිය ලෙස ඇය සරසවි සම්මානය පිදුම් ලැබුවාය.

කෙසේ වෙතත් ඇය 2001 දී පමණ එංගලන්තයේ පදිංචියට ගිය හෙයින් ටෙලි නාට්‍ය කලාවෙන් ඉවත්වූ අතර 2011 ඇය නැවත සිය රට පැමිණියේ ය.

අනතුරුව දිගටම ශ්‍රී ලංකාවෙහි රැඳුණු ඇය ජීවත් වූයේ ඇයගේ මව සමගිනි.

Page 33 of 40