Language Switcher

Ad

Ad 01

V2025

ආසියානු කුසලානය තවමත් ඉන්දියාවට ලැබී නෑ

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අවසන් වී අදට (ඔක්.03) දින 5ක් සම්පූර්ණ වුවද, ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ක්‍රීඩකයින් සඳහා පිරිනමන පදක්කම් ලැබී නොමැති බව වාර්තා වේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පෙරේදා  (01) ඩුබායි හිදී පවත්වා ඇති අතර, එහිදී ද ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ජයග්‍රාහකයින්ගේ පදක්කම් ලබා දෙන්නේද යන්න පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තා වේ.

මෙම රැස්වීමට ඉන්දීය ක්‍රිකට් උප සභාපති රජීව් ශුක්ලා ඇතුළු කිහිප දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබේ.

ඉන්දියාවට කුසලානය ලබාදීම සම්බන්ධයෙන් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් මොහ්සින් නක්වි පවසා සිටියේ, ඉන්දියාවට කුසලානය ලබාදීමට තමන් එදිනම සූදානම්ව සිටි බවත්, තවමත් ඒ සඳහා සූදානම් බවය.

"ACC සභාපතිවරයා ලෙස මම එදිනම කුසලානය ලබාදීමට සූදානම්ව සිටියා. මම තවමත් සූදානම්.

ඔවුන්ට කුසලානය ඇත්තටම ඕනනම් , ACC කාර්යාලයට ඇවිත් මගෙන් ලබාගන්න. ඒ සඳහා ඔවුන් සාදරයෙන් පිළිගන්නවා" නක්වි සිය 'X' ගිණුමෙහි දක්වා ඇත.


x



ඉන්දියානු වර්ජනයෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා ආසියානු කුසලානය රැගෙන ආපසු හෝටලයට ගිහින්..


xdfg46436

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා වන මෝසින් නක්වි සැප්තැම්බර් 29 වෙනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිතාගත නොහැකි දෙයක් කළේය. ඒ, ඉන්දියා කණ්ඩායම ඔවුන් දිනා ගත් 2025 ආසියානු ක්‍රිකට් කුසලානය ඔහුගේ අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

නක්වි තරගයෙන් පසුව පවත්වන පදක්කම් ප්‍රදානය සඳහා වේදිකාවේ රැඳී සිටිය ද, සූර්යකුමාර් යාදව්ගේ ක්‍රීඩකයන් ජයග්‍රාහී කුසලානය හෝ ජයග්‍රාහකයන්ගේ පදක්කම් ඔහු අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය.

මේ හේතුවෙන් තරගයෙන් පසුව සිදු කිරීමට නියමිත වැඩසටහන සම්පූර්ණයෙන් ඇන හිටියේය. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය වුනේ කුසලානය පාකිස්තානයේ ඇමතිවරයෙකු ද වන නක්වි අතින් ලබා ගැනීමට නොව මධ්‍යස්ථ විධායක නිලධාරියෙකු අතින් ලබා ගැනීමටයි.

එහෙත් නක්වි කුසලානය සහ පදක්කම් රැගෙන ක්‍රීඩාංගණයෙන් පිටව ඔහු නතර වී සිටි හෝටලයට ගොස් තිබිණ.

ඉන්දියා කණ්ඩායමට කුසලානය හා පදක්කම් ප්‍රදානය නොකිරීමට නක්වි ගත් තීරණයට එරෙහිව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට එරෙහිව විරෝධතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. නක්විගේ මේ ක්‍රියාව මධ්‍යයේ කුසලානය නැතිව ජයග්‍රහණය සැමරීමට ඉන්දියා කණ්ඩායම තීරණය කළේය.