Language Switcher

V2025

ලෝක රූ රැජින චෙක් ජනරජයෙන්

71 වන ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ රාත්‍රී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

2024 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමි කර ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ඊයේ (9) සමත් විය.

තරගාවලියේ අනුශූරිය ලෙස ලෙබනනයේ යෂ්මිනා සයිටූන් තේරී පත් විය.

මෙම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව ලෝක රූ රැජින තරගාවලියක් සඳහා මෙවර සත්කාරකත්වය දැරූවේ වසර 28 කට පසුව වන අතර, ඉන්දියාව නියෝජනය කළ 22 හැවිරිදි සිනී ෂෙට්ටි තරගාවලියේ පළමු 08 දෙනා අතරට තේරී පත් වීම වි‍ශේෂත්වයකි.

ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් ක්‍රිස්ටිනා පිස්කෝවා 23 හැවිරිදි වියේ පසුවේ. ඇය නීතිය , ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියකි.

චෙක් ජන රජය ලෝක රූ රැජිණ කිරුළ අවසන් වරට දිනාගෙන තිබුණේ 2006 වසරේදීය.