Language Switcher

V2025

රුසියාවේ Luna යානය සඳ මත කඩා වැටේ

රුසියාව, වසර 47කින් පසු පළමුවරට සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සෙනසුරාදා පස්වරු 2.57 ට පමණ  Luna-25 සමඟ සන්නිවේදනය අහිමි වී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

පසුගිය 11 වනදා සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් බැස්වීමට සැලසුම් කළ, මිනිසුන් රහිත යානය සඳ බලා ගමන් ආරම්භ කර ඇති අතර, 800kg බරැති මෙම ගවේෂණ යානය සඳුදා චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවය මතයානය හෙට (21) දිනයේදී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළ පරිදි ගොඩබැස්වීමේ පථයට ළඟාවීමට යානය අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයන් ගවේෂණය කිරීම සඳහා 1989 දී සෝවියට් සංගමය Phobos 2 ගවේෂණයෙන් පසුව රුසියාව අභ්‍යවකාශ වස්තුවක් මත ගොඩබෑමට උත්සාහ කර නොමැත.

 ශීත කළ ජලය සහ වටිනා මූලද්‍රව්‍ය ඇති  බවට  විද්‍යාඥයන් සිතන  සඳෙහි කලාපයක් ගවේෂණය කිරීම අරමුණ වී ඇති අතර, මෙම යානය  දළ වශයෙන් කුඩා මෝටර් රථයක ප්‍රමාණයෙන් යුත් එකක් වන අතර එය දක්ෂිණ ධ්‍රැවයේ වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කර තිබු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.