#namalrajapakshe

  • ආණ්ඩුව මර්දනය ක්‍රියාත්මක කරන්නේ ඇයි...? - නාමල් රාජපක්ෂ පැහැදිලි කරයි (වීඩියෝ)

    වර්තමාන ආණ්ඩුවට ඔවුන් පොරොන්දු වූ දේවල් ඒ ආකාරයෙන් ම ඉටු කිරිමට නොහැකි වන විට, ඔවුන්ට මෙරටෙහි රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කරගැනීමට නොහැකි වන විට ආණ්ඩුව කිසියම් මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නට සූදානම් වන්නේ යැයි නාමල් රාජපක්ෂ පැවසී ය.

  • ආණ්ඩුව, බටහිර රටවල ක්‍රමවේද මෙරට පැළ කරන්න හදනවා - නාමල් රාජපක්ෂ

    වත්මන් ආණ්ඩුව කිසියම් බටහිර රටක පවතින ක්‍රමවේදයක් ගෙනවිත් අපේ රට තුළ ස්ථාපිත කරන්නට සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • ආණ්ඩුවට තියෙන ලොකු ම අභියෝගය ආණ්ඩුව ම යි - නාමල් රාජපක්ෂ (වීඩියෝ)

    ජවිපෙ සහ මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ චරිත ආරක්ෂා කිරිම සඳහා මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට සිදුව ඇතැ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • ආණ්ඩුවේ හිතුවක්කාරී උත්සාහයට එරෙහිව එක්වන්නැයි නාමල්ගෙන් විපක්ෂ නායකට ලිපියක්!

    අත්තනෝමතික ලෙස ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

  • උසස් අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිලි ද...? - නාමල් රාජපක්ෂ විමසයි (වීඩියෝ)

    වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වන හරිණි අමරසූරිය එකල අධ්‍යාපනය වෙනුවෙන් 06% ලබා දිය යුතු යැයි ඉල්ලමින් උද්ඝෝෂණය කළ ද ඔවුන්ගේ ආණ්ඩුව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදලින් අඩක් කපා හැර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.

  • එයාර් බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි!

    එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත  කර සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ⁣ විසින් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (29) ප්‍රතික්ෂේප කළා.

  • ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන් දෙදෙනාට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

    ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට අනුව 'ක්‍රිෂ් ට්‍රාන්ස් හෝල්ඩින්ග්ස්' සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

  • ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළිත් රිමාන්ඩ්!

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට  අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා  ජානකී සිරිවර්ධන ලබන 16  දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (6) නියෝග කළා.

  • කුණාටුවෙන් වැටුණු රට ගොඩගන්න පොටක් පෑදෙයි - නාමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් !

    උගන්ඩාවේ සඟවා ඇතැයි කියු ඩොලර් බිලියන 18ක මුදල මෙරටට ගෙන ඒමට සුදුසුම මොහොත කුණාටුවකට මුහුණපා ශ්‍රී ලංකාව විශාල ආපදාවකට මුහුණ දී ඇති මේ අවස්ථාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

  • කුරුණෑගල ජනතාව නාමල්ට කිව්ව දේ ?

    2020 මහා මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ඡන්දට ඉදිරිපත්වු දිස්ත්‍රික්කය මෙන් ම ලංකාවේ වැඩිම මනාප ලබා ඔහු අගමැති බවට පත්වූයේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යැයි පසන් කස්තුරි පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ Namal youtube නාලිකාව ඉදිරිපත් කරන 'ගමින් ගමට' වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.

    එහි දී ඔහු වැඩි දුරටත් පැවසුවේ කුරුණෑගල පොදුජන පෙරමුණට ඡන්දයේ දී ප්‍රධාන වනවා සේ ම පක්ෂයේ විශාල බරක් අදින දිස්ත්‍රික්කයක් බවයි.

    සාකච්ඡාව මෙහෙයවන ලද්දේ මීනු ගුණසිංහ විසිනි.



  • ගත්තට පස්සෙත් කාලා, නැව් 19න් කෝටි 462ක් වටින ගල් අඟුරු අතුරුදහන්! - නාමල් රාජපක්ෂ

    ගල් අඟුරු නැව් 19ක් ගෙනාවා. ඒ 19ක් ගෙනාවා විතරක් නෙවෙයි, ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 1,20,000ක් අතුරුදහන්! මෙට්‍රික් ටොන් 1,20,000ක් කියන්නේ කෝටි 462ක් වටින ගල් අඟුරු අතුරුදහන්. ඒ කියන්නේ මොකක්ද? ඔබතුමාලා නැව් දෙකක් අතුරුදහන් කරලා. ජනාධිපතිතුමා කිව්වේ කාලා බලලා නෙවෙයි ගත්තේ කියලා. ඉතින් අපිත්, රටේ ජනතාවත් හිතුවා හරි කාලා බලලා නෙවෙයි ගත්තේ කියලා. බලනකොට ගත්තට පස්සෙත් කාලායැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (10) දින පාර්ලිමේන්තුව අමතමිනි.

  • ජනතාවට සහන සලසන අතර විහාරස්ථාන ප්‍රමුඛ ආගමික සිද්ධස්ථාන පිළිසකර කරන්න - නාමල් රාජපක්ෂ

    පසුගියදා හටගත් ගංවතුරෙන් සහ නායයාමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන අතර මේ නිසා විනාශයට පත් වූ විහාරස්ථාන, පල්ලි කෝවිල්, ඇතුළු සියලු පූජ්‍යස්ථාන පිළිසකර කිරීමට නිසි ප්‍රමුඛතාව ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටී.

  • ජනපතිට ඇති ජනතා කැමැත්ත බලන්න වුවමනා ම නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න - නාමල් රාජපක්ෂ

    ආයතනවලට මුදල් ගෙවමින් සමීක්ෂණ නොකර පළාත් සභා ඡන්දය පැවැත්වූවා නම් ජනාධිපතිවරයාට රටේ ජනතාව ගෙන් සියයට කීයක් කැමතිද නැද්ද යන්න නිහ්චය කරගත හැකි යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • ජනාධිපතිවරයා අධිකරණ විෂයපථය පිළිබඳව උපදෙස් ගත්ත ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රවීණයන් කවුද - නාමල් රාජපක්ෂ

    ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද යැයි දැනගැනීමට කැමති බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.

  • තරුණියන් පිරිසක් ඉදිරියේ සිංහයකු වුණ නාමල්

    පහුගිය සෙනසුරාදා නෙලුම් මාවත කාර්යාලයට තරුණ ගෑනු ළමයි කණ්ඩායමක් ඇවිත් හිටිය. කට්ටිය ඇවිත් හිටියෙ නායකත්ව පුහුණු වැඩමුළුවකට.

  • තාජුඩීන් මැරුවේ නාමල් ද ? - නාමල් රාජපක්ෂ (වීඩියෝ)

    තාජුඩින් ඝාතනය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, එසේ සිදු කර ඊට අදාළ පාර්ශ්වයට දඬුවම් ලබා දිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී මාධ්‍යවේදී චන්දන සමන් කුමාර විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.

    එහි දී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ පසුගිය කාලයේ පැවති මැතිවරණ කිහිපයක දීම මෙම සිද්ධිය ඉස්මතු කරමින් රටට විශාල බොරු තොගයක් පවසා ඇති බවයි. එබැවින් යම් ආකාරයකින් එම සිද්ධියට අදාළ නීතිමය කටයුතු නිසියාකාරයෙන් සිදු නොකරන්නේ නම් මෙතෙක් කාලයක් ජනතාවට බොරු කියූ අයට දඬුවම් ලබා දිය යුතු බවයි.

    මතු පළ වන්නේ මාධ්‍යවේදී චන්දන සමන් කුමාර Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාවඅන්තර්ගත වීඩියෝව යි.

     

  • තාජුඩීන්ගේ ආත්මයට මේ ආණ්ඩුව කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල්

    තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බව පවසා සිටියේය.

    වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය උපයෝගී කරගෙන තම දේශපාලන ස්ථාවරත්වය රැකගැනීමට උත්සාහ කිරීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී පැවසිය.


  • නාමල් අත්අඩංගුවට ගැනීම එජාප ය හෙළා දකී

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

  • නාමල් ගෙන් පොහොට්ටු ක්‍රියාකාරීන්ට දැනුම්දීමක් !

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සියළුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය

  • නාමල් රාජපක්ෂ 18 වනදා දක්වා රිමාන්ඩ්!

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එළඹෙන 18වන දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න