ජවිපෙ සහ මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ චරිත ආරක්ෂා කිරිම සඳහා මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට සිදුව ඇතැ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අත්තනෝමතික ලෙස ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වන හරිණි අමරසූරිය එකල අධ්‍යාපනය වෙනුවෙන් 06% ලබා දිය යුතු යැයි ඉල්ලමින් උද්ඝෝෂණය කළ ද ඔවුන්ගේ ආණ්ඩුව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදලින් අඩක් කපා හැර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.
උගන්ඩාවේ සඟවා ඇතැයි කියු ඩොලර් බිලියන 18ක මුදල මෙරටට ගෙන ඒමට සුදුසුම මොහොත කුණාටුවකට මුහුණපා ශ්‍රී ලංකාව විශාල ආපදාවකට මුහුණ දී ඇති මේ අවස්ථාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
2020 මහා මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ඡන්දට ඉදිරිපත්වු දිස්ත්‍රික්කය මෙන් ම ලංකාවේ වැඩිම මනාප ලබා ඔහු අගමැති බවට පත්වූයේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යැයි පසන් කස්තුරි පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal youtube නාලිකාව ඉදිරිපත් කරන 'ගමින් ගමට' වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.
එහි දී ඔහු වැඩි දුරටත් පැවසුවේ කුරුණෑගල පොදුජන පෙරමුණට ඡන්දයේ දී ප්‍රධාන වනවා සේ ම පක්ෂයේ විශාල බරක් අදින දිස්ත්‍රික්කයක් බවයි.
සාකච්ඡාව මෙහෙයවන ලද්දේ මීනු ගුණසිංහ විසිනි.
පසුගියදා හටගත් ගංවතුරෙන් සහ නායයාමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන අතර මේ නිසා විනාශයට පත් වූ විහාරස්ථාන, පල්ලි කෝවිල්, ඇතුළු සියලු පූජ්‍යස්ථාන පිළිසකර කිරීමට නිසි ප්‍රමුඛතාව ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටී.
ආයතනවලට මුදල් ගෙවමින් සමීක්ෂණ නොකර පළාත් සභා ඡන්දය පැවැත්වූවා නම් ජනාධිපතිවරයාට රටේ ජනතාව ගෙන් සියයට කීයක් කැමතිද නැද්ද යන්න නිහ්චය කරගත හැකි යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද යැයි දැනගැනීමට කැමති බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
පහුගිය සෙනසුරාදා නෙලුම් මාවත කාර්යාලයට තරුණ ගෑනු ළමයි කණ්ඩායමක් ඇවිත් හිටිය. කට්ටිය ඇවිත් හිටියෙ නායකත්ව පුහුණු වැඩමුළුවකට.
තාජුඩින් ඝාතනය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, එසේ සිදු කර ඊට අදාළ පාර්ශ්වයට දඬුවම් ලබා දිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී මාධ්‍යවේදී චන්දන සමන් කුමාර විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.
එහි දී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ පසුගිය කාලයේ පැවති මැතිවරණ කිහිපයක දීම මෙම සිද්ධිය ඉස්මතු කරමින් රටට විශාල බොරු තොගයක් පවසා ඇති බවයි. එබැවින් යම් ආකාරයකින් එම සිද්ධියට අදාළ නීතිමය කටයුතු නිසියාකාරයෙන් සිදු නොකරන්නේ නම් මෙතෙක් කාලයක් ජනතාවට බොරු කියූ අයට දඬුවම් ලබා දිය යුතු බවයි.
මතු පළ වන්නේ මාධ්‍යවේදී චන්දන සමන් කුමාර Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාවඅන්තර්ගත වීඩියෝව යි.
තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බව පවසා සිටියේය.
වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය උපයෝගී කරගෙන තම දේශපාලන ස්ථාවරත්වය රැකගැනීමට උත්සාහ කිරීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී පැවසිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සියළුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එළඹෙන 18වන දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කර ඇත.
නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දුන් නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක පැවසී ය.
පොහොට්ටු පක්ෂයේ කාන්තා සංවිධානවල ප්‍රධානියා ලෙස නීතිඥවරියක පත් කිරීමට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ දැඩි ආවේගාත්මක ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.
වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදි ඔහු මෙසේද පැවසිය.
“ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ.
හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා ආණ්ඩුවෙන්ම කියලා තියෙනවා ගිවිසුම දෙන්න බෑ කියලා. දෙන්න බැරිනම් ඒකෙ හංගන්න දෙයක් තියෙනවානෙ ? ඇයි කොලේ වහලා දේශපාලනය කරන්නෙ?
දැන් මේ ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට ආණ්ඩුව උත්සාහ කරනවා අපේ කටවල් වහන්න, හිරගෙවල් පෙන්වන්න, ජීවිතේ නැතිකරන්න. ඒවාට බයේ දේශපාලනය කරන්නෙ නැහැ අපි. බොරු සාක්ෂි හදලා අපිව හිරගෙවල්වල දාන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.
මොකද අපි දන්නවා හෘදසාක්ෂියට එකඟව අපි වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න, අනවශ්‍ය ඇඟිලි ගැසිලි නවත්වන්න, දේශපාලනීකරණය නවත්වන්න.
මේ ආයනවල ව්‍යුහගන්ගේ ගෞරවය, නිලධාරීන්ගේ ගෞරවය කෙළසන්න එපා. මොකද ආණ්ඩුව රෑට නින්දට යනකොට හීනයක් දකිනවා, ඒ හීනෙ දකින කෙනා බලලා පහුවදා නඩුවක් හදනවා. වැඩිපුරම හීනෙන් පේන්නෙ මාවයි තාත්තාවයි. ඒකයි ප්‍රශ්නෙ. අනේ මංදා ඇයි කියලා”
තමන් ඕනෑම මොහොතක ස්වාධීන පරීක්ෂණයකට මුහුණ දෙන්නට සූදානම් බවත්, තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බවත් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
රංගිරි දඹුලූ රජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර ශාස්ත්‍රපතී දඩුබැදීරුප්පේ මහින්ද නාහිමියන් බැහැ දැකීම සඳහා අද (10) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් පැමිණියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

