Image

එයාර් බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි!

එයාර් බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි!

එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත  කර සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ⁣ විසින් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (29) ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව සැකකරු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කළා.

සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ දි සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවිම නිසා මෙලෙස ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අද දින ලබා දීමට තිබුණා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විසින් කරන ලද මෙම විමර්ශනයට අදාලව ඒකාබද්ධ අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට කටයුතු කරන බවද  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියා.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න