තාජුඩීන් මැරුවේ නාමල් ද ? - නාමල් රාජපක්ෂ (වීඩියෝ)

තාජුඩීන් මැරුවේ නාමල් ද ? - නාමල් රාජපක්ෂ (වීඩියෝ)

තාජුඩින් ඝාතනය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, එසේ සිදු කර ඊට අදාළ පාර්ශ්වයට දඬුවම් ලබා දිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී මාධ්‍යවේදී චන්දන සමන් කුමාර විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.

එහි දී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ පසුගිය කාලයේ පැවති මැතිවරණ කිහිපයක දීම මෙම සිද්ධිය ඉස්මතු කරමින් රටට විශාල බොරු තොගයක් පවසා ඇති බවයි. එබැවින් යම් ආකාරයකින් එම සිද්ධියට අදාළ නීතිමය කටයුතු නිසියාකාරයෙන් සිදු නොකරන්නේ නම් මෙතෙක් කාලයක් ජනතාවට බොරු කියූ අයට දඬුවම් ලබා දිය යුතු බවයි.

මතු පළ වන්නේ මාධ්‍යවේදී චන්දන සමන් කුමාර Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාවඅන්තර්ගත වීඩියෝව යි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න